රු. මිලියන 38 ක් වටිනා ආරක්ෂිත ඇඳුම් කට්ටල.....

srilanka health pavithtrevanniyarachchi
By Nimal Jun 09, 2021 02:51 PM GMT
Nimal

Nimal

Report

කොවිඩ් මර්දන වැඩපිළිවෙල සඳහා නිරතුරුව සහය ලබා දෙන ඔස්ට්‍රේලියානු රජය විසින් සෞඛ්‍ය කාර්යමණ්ඩල වලට අත්‍යාවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගයක් ප්‍රදානයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදී ඇත.

රුපියල් දසලක්ෂ 38 ක වටිනාකමකින් යුතු මෙම පුද්ගල ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගය ඔස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් විශේෂිත ගුවන්යානයකින් මත්තල ගුවන් තොටුපළ වෙත ගෙන එන ලදි.

මෙම පුද්ගල ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගය මත්තල තුවන් තොටුපළේදී තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක යන මහත්වරුන් විසින් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු තානාපති ඩේවිඩ් හෝලි මහතාගෙන් භාරගනු ලැබූ අතර , එම ප්‍රදානය නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත භාරදීම අද ( 09 ) දින ඕස්ට්‍රේලියානු තානාපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේදී සිදු කරන ලදී.

ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන වැඩපිළිවෙල සඳහා නිරතුරුව සහය ලබාදෙන ඔස්ට්‍රේලියානු රජයට ශ්‍රී ලංකා රජයේ කෘතවේදීත්වය පළ කර සිටින බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම අවස්ථාවේදී පැවසීය.