ICU ඒකකයට රු. මිලියන 4ක වෛද්‍ය උපකරණ ....
කොවිඩ් වසංගතය හමුවේ රෝහල්වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදෙන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ගම්පහ දිස්ත්‍රික් රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට රුපියල් මිලියන 4ක වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් මැලිබන් ආයතනය මගින් අද පරිත්‍යග කරන ලදිි.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙන් මැලිබන් ආයතනයේ සාමාන්‍යාධිකාරී මෙහෙයුම් බන්දුල පෙරේරා මහතාගේ සුරතින් ගම්පහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා වෙත එම උපකරණ තොගය පිරි නැමුහ.
අසාධ්‍ය තත්වයේ පසුවන කොවිඩ් රෝගීන් වෙනුවෙන් අවශ්‍ය වන හදිසි ප්‍රතිකාර කටයුතු සදහා භාවිතා කිරීමට අවශ්‍ය වන ICU වෙන්ටිලේටර්, ICU බෙඩ්, නෙබියුලයිසර් මාස්ක්, ඔක්සිජන් මාස්ක් ඇතුළු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ මෙහිදී පරිත්‍යාග කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කර සිටියේ අත්‍යාවශ්‍යම මොහොතේ ගම්පහ රෝහල වෙත සිදුකෙරුණු මෙම පරිත්‍යාගය ජීවිතයත් මරණයත් අතර පොර බදින ඉතාම අසාධ්‍ය තත්වයේ පසුවන රෝගීන් වෙනුවෙන් ආරම්භ කිරීමට නියමිත හදිසි ප්‍රතිකාර ඒකකයේ කටයුතු කඩිනම් කිරීමට මහත් පිටිවහලක් වන අතරම එය මහත් පුණ්‍ය කර්මයක් වන බවයි.ඒ සම්බන්ධයෙන් තමන්ගේ ස්තූතිය මැලිබන් ආයතනය වෙත පුදකල අමාත්‍ය වරිය, කොවිඩ් පාලනය කිරීමට දැඩි වෙහෙසක් ගන්නා ගම්පහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටද සිය ස්තූතිය පුදකළාය.
මෙම අවස්ථාවට මැලිබන් ආයතනය වෙනුවෙන් එහි අලෙවි කළමනාකරු කසුන් තොටගමුව, ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකරු පෝෂිත පෙරේරා, ප්‍රාදේශීය අලෙවි කළමනාකරු ගයාන් ඉන්ද්‍රජිත් යන මහත්වරු ඇතුලු පිරිසක් සහභාගී වි