ඉන්ධන නිසා අදත් හතර දෙනෙක් අත්තඩංගුවට..

Fuel Price In Sri Lanka Sri Lanka Sri Lanka Fuel Crisis
By Sithumi Jun 24, 2022 11:42 AM GMT
Sithumi

Sithumi

Report

නීතිවිරෝධී ලෙස ඉන්ධන ගබඩාකරගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාකුඹුර, මාතර සහ පූගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි.

අත්අඩංගුවට ගෙන ඇති මාකුඹුර ප්‍රදේශයේ පදිංචිකරු සන්තකයේ තිබී ඩීසල් ලීටර් 1,350ක් සොයාගැනීමට පොලීසිය සමත්ව ඇත. සැකකරුව අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි වියේ පසුවූ අයෙකි. මාතරදී අත්අඩංගුවට පත්ව ඇති පුද්ගලයා සන්තකයේ තිබී ඩීසල් ලීටර් 800ක් සොයාගෙන ඇති අතර ඔහු 39 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.

එම සැකකරු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මේ අතර පූගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී පෙට්‍රල් ලීටර් 32යි මිලිලීටර් 25ක් සහ තහනම් පිහියක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 45 හැවිරිදි වියේ පසුවන අතර සිද්ධිය සම්බන්ධයෙන් පූගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now