ලංකාව අර්බුදයෙන් ගොඩගන්න ජාත්‍යන්තර සහාය..?

By Sithumi Jul 10, 2022 01:48 PM GMT
Sithumi

Sithumi

Report

වත්මන් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙස ඉන්දීය කොංග්‍රස් පක්ෂය මධ්‍යම රජයෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළේය. ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව තම පක්ෂය කණසල්ලෙන් පසුවන බව ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ සභාපති සෝනියා ගාන්ධි මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අභියෝග,අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම,අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට විශාල දුෂ්කරතා සහ පීඩාවන්ට මුහුණදීමට සිදු වී ඇතැයි එම නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකා ජනතාවට වත්මන් අභියෝග ජයගැනීමට හැකිවෙතැයි කොංග්‍රස් පක්ෂය විශ්වාස කරන බවත් ශ්‍රී ලංකාවට සහ ජනතාවට කොංග්‍රස් පක්ෂයේ සහයෝගය හිමිවන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

වත්මන් දුෂ්කරතා වලට මුහුණදීමට ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ ජනතාවට සහ රජයට අඛණ්ඩව සහාය වනු ඇතැයි කොංග්‍රස් පක්ෂය බලාපොරොත්තු වන බව එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now