රටබීම හලක කසිප්පු පිරවු කාලේ බෝතල් තොගයක් .... (PHOTO)

srilanka exercise prabath jayawikcrama
By Nimal Aug 30, 2021 10:14 AM GMT
Nimal

Nimal

Report

අලව්ව ප්‍රදේශයේ රටබීම හලක කාලේ බෝතල් වලට නීති විරෝධී මත්පැන් පුරවා රජයේ අරක්කු ලෙස අලෙවි කරමින් සිටියදී රුපියල් තුන්ලක්ෂ පනස්හයදාහක් වටිනා මත්පැන් තොගයක් සමගින් පුද්ලයින් දෙදෙනකු කුරුණෑගල සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.රටබීම හලක කසිප්පු පිරවු කාලේ බෝතල් තොගයක් .... (PHOTO) | Srilanka Exercise

අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ රජයේ මත්පැන් ලේබලය ගැසු කසිප්පු පිරවු කාලේ බෝතල් 1188 ක් තිබු බව වයඹ පලාත 1 සහකාර සුරාබදු කොමසාරිස් ප්‍රභාත් ජයවික්‍රම මහතා පවසයි.රටබීම හලක කසිප්පු පිරවු කාලේ බෝතල් තොගයක් .... (PHOTO) | Srilanka Exercise

අදාල රටබීම හලේ බලපත්‍ර ලාභියා රජයේ අරක්කු කාලේ බෝතල් වලට නීති විරෝධී මත්පැන් (කසිප්පු) පුරවා රුපියල් 300/- මුදලකට අලෙවි කර තිබේ ඇතැයිද සුරාබදු නිලධාරීන් පවසයි නිරෝධායන ඇදිරිනීතිය හමුවේ දිවයින පුරා සියළුම සුරාසැල් වසා තැබීමට රජය නියෝග කර තිබියදී අදාල රටබීම හල බලපත්‍ර කොන්දේසි උල්ලංගනය කරමින් මත්පැන් අලෙවි කිරීමේ වරදට අදාල බලපත්‍රලාභියා ඉදිිරියේදී සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ.ගුණසිරි මහතා වෙත ඉදිරිපත්කොට බලපත්‍රය අත්හිටුවීමට හෝ දැඩි දඩුවම් පැමිණවීමට නියමිතය.රටබීම හලක කසිප්පු පිරවු කාලේ බෝතල් තොගයක් .... (PHOTO) | Srilanka Exercise

ලද තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වු වයඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අදාල රටබීම හල වටලා ඒ මොහොතේම මත්පැන් තොගය සමගින් බලපත්‍රලාභියා හා තවත් සේවකයකු කොටු කර ගැනීමට සමත්වී තිබේ. අදාල බලපත්‍ර ලාභියා මේ අයුරින් තවත් ජාවාරම් සිදු කර තිබේද යන්න පිළිබදව වයඹ සහකාර සුරාබදු කොමසාරිස් ප්‍රභාත් ජයවික්‍රම මහතා වැඩි දුර විමර්ශන පවත්වයි. අදාල ප්‍රදේශයේ ජනතාව රජයේ අරක්කු මිලදී ගන්නා මුවාවෙන් මෙතෙක් මිලදී ගෙන පානය කර ඇත්තේ කසිප්පු කලවම් මත්පැන් දැයි සැකකයක්ද පවතී.

වයඹ පලාත 1 සහකාර සුරාබදු කොමසාරිස් ප්‍රභාත් ජයවික්‍රම  ,කුරුණෑගල සුරාබදු අධිකාරී තිස්ස කුමාර රාජපක්ෂ   ,කුරුණෑගල සුරාබදු ස්ථානාධිපති කලා රසික විජේසිංහ  ,පරීක්ෂකවරුන්වන වන්නිනායක ,සම්පත් කරුණාදාස ,ප්‍රසාද් රන්දෙනිය ,නියාමකවරුන්වන 1040 රුවන් රත්නසේකර ,1208 රොෂාන් වික්‍රමසිංහ යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now