ඇදිරියේ සෝදිසියෙන් නිෂ්පාදනාගාර වලට සිදුවු දේ ...

srilanka exercise pathmakumara
By Nimal Aug 30, 2021 08:03 AM GMT
Nimal

Nimal

Report

 නිරෝධායන ඇදිරි නීති සමයේ බටතොට,පලිගල,ගීලිමලේ, කලටුවාව යන ප්‍රදේශවල කළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගර හයක් වටලා රුපියල් ලක්ෂ දහයක් වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් 6 දෙනෙකු රත්නපුර සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.ඇදිරියේ සෝදිසියෙන් නිෂ්පාදනාගාර වලට සිදුවු දේ ... | Srilanka Exercise

අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු ස්ප්‍රීතු ලිීටර් 45 ක්,ගෝඩා ලීටර් 500 ක්,බැරල් දගර ඇතුලු පෙරණ උපකරණ තොගයක් තිබු බව රත්නපුර සුරාබදු අධිකාරී පද්මකුමාර මහතා පවසයි.ඇදිරියේ සෝදිසියෙන් නිෂ්පාදනාගාර වලට සිදුවු දේ ... | Srilanka Exercise

මෙම සෝදිසි මෙහෙයුමේදී මහජන පැමිණිලි වලට අනුව මත්පැන් අලෙවි කිරිමේ මධ්‍යස්ථාන දහසයක් ද පරික්ෂාකිරීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සුරාබදු ඇපමත මුදාහැර ඇති අතර ඉදිරියේදී මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සබරගමු පළාත් සහකාර සුරාබදු කොමසාරිස් ‍ලක්ෂ්මන් කැටගොඩ මහතාගේ උපදෙස් මත, සුරාබදු අධිකාරි පද්ම කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ,රත්නපුර සුරාබදු ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක සුනිල් පෙරේරා සුරාබදු මහතාගේ මෙහෙයවීම යටතේ ,පරීක්ෂක ශාන්ත , සැරයන්වරුන්වන 600 ගම්ලත් , 758 බුද්ධික ලංකා , 931 ලෝචන , කෝප්‍රල් 732 , නියාමක වරුන්වන 1063 ශ්‍රිලාල් , 1120 ලක්මාල් , නියාමිකා 69 තිළිණි, , 1179 රවිඳු, 1205 සඳුන්, රියදුරු දුමින්ද යන නිලධාරිහු ,බලංගොඩ , ඇඹිලිපිටිය සුරාබදු නිලධාරීන් ද සහභාගිත්වයෙන් මෙම වැටලීම් සිදු කළහ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now