සමාජ මාලා ඔස්සේ අලෙවියට ගොස් වෙච්ජ දෙයක් ...

srilanka exercise premes pranandu
By Nimal Aug 27, 2021 07:42 AM GMT
Nimal

Nimal

Report

 කොරෝනා ඇදිරි නීති සමයේ රටබීම හල් හා හෝටල් වසා තිබෙන අවධියේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ඹස්සේ වැඩි මිලට මත්පැන් අලෙවි කිරීම සිදු කළ සැකකරුවක් නිට්ටඹුව ප්‍රදේශයෙන් වටලා රුපියල් එක් ලක්ෂ අටදහසක් වටිනා ( රු. 108,000/-)මත්පැන් තොගයක් කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ සයිබර් අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ අරක්කු මිලි ලීටර් 24,000 ක් එනම් බෝතල් මිලි ලීටර් 750 හා මිලි ලීටර් 375 හේ බෝතල් 40 ක් තිබු බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ සයිබර් අපරාධ විමර්ෂණ ඒකකය ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතා පවසයි.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දිවයින පුරා රටබීම හල් වසා ඇති බැවින් රුපියල් 1,600/- ක් වන දේශීය මත්පැන් බෝතලයක් ( ගල් අරක්කු) රුපියල් 2,700/- ක අධික මිලට විකීණීම සිදු කරන බව සැකකරු සුරාබදු නිලධාරීන් ඉදිරියේ පාපොච්ජාරණය කර තිබේ. මෙම සැකකරු වේරගල ප්‍රදේශයේම පදිංචිඅවුරුදු 35 ක් වයසැති සිංහල තරුණයක් වන අතර ඉදිරියේදී අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සුරාබදු කොමසාරිස් ජනරාල් තුමාගේ සෘජු අධීක්ෂණය යටතේ හා සුරාබදු කොසමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම) කපිල කුමාරසිංහ , නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම) ගාමිණී අධිකාරී , කොළඹ විශේෂ මෙහෙයුම් ඒ්කකයේ සුරාබදු අධිකාරී එච්.එච්.ඩී.ජයවර්ධන යන මහත්වරුන්ගේ උපදෙස් මත, සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම යටතේ සුරාබදු නියාමක 1141 රමිත රියදුරු අසංක යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now