මත් ජාවාරම් කරුවන්ට අත්වු ඉරණම .....?

srilanka exercise niros jayakodi
By Nimal Aug 24, 2021 12:25 PM GMT
Report

 නිරෝධායන ඇදිරි නීතිය පැනවීමත් සමගින් අනුරාධපුර ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී බලපත්‍ර නොමැතිව මත්පැන් ප්‍රවාහනය කළ මෝටර් රථයක්,රජයේ අරක්කු හා විදේශීය මත්පැන් ජාවාරම් කළ ,ළගතබා ගෙන සිටි සැකකරුවන් 9 දෙනෙකු වටලා රුපියල් ලක්ෂ දෙකක් වටිනා මත්පැන් තොගයක් උතුරු මැද පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.මත් ජාවාරම් කරුවන්ට අත්වු ඉරණම .....? | Srilanka Exercise

අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ රජයේ අරක්කු හා බියර් බෝතල් 98 ක් තිබු බව උතුරු මැද පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිරෝෂ් ජයකොඩි මහතා පවසයි.

මෙම සෝදිසි මෙහෙයුමේදී අනුරාධපුර නගරය හරහා බලපත්‍ර නොමැතිව මත්පැන් ප්‍රවාහනය කළ ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක් සමගින් මත්පැන් බෝතල් 54 ක් හා සැකකරුවකුද කොටු කර ගැනීමට සුරාබදු නිලධාරින් ගැනීමට සමත්වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 9 දෙනා, අරක්කු හා බියර් විකිණීම ,ලඟ තබාගැනිම ,හා ප්‍රවාහනය යන චෝදනා යටතේ මෝටර් රථය හා මත්පැන් තොගයද සමගින් ඉදිරියේදී අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිීරීමට නියමිතය.

උතුරු මැද පළාත් සහකාර සුරාබදු කොමසාරිස් සුමේධ වසන්තසිරි මහතාගේ උපදෙස් මත , සුරාබදු අධිකාරී වනිගතුංග මහතාගේ අධීක්ෂණය යටතේ, උතුරු මැද පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිරෝෂ් ජයකොඩි මහතාගේ මෙහෙයවීමෙන් ,සුරාබදු පරීක්ෂකවරුන්වන බුද්ධික, අමිල, සැරයන් 883 අෂාන්, කෝප්‍රල්වරුන් වන 735 ගුණතිලක, 772 ජගත්, 838 හේරත්, 935 අධිකාරී, නියාමකවරුන් වන 1107 සිතාර, 1151 මල්ලව, 1188 කුඹලාතර යන නිලධාරීහු මෙම වැටලීම් සිදු කළහ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... .join now