දෙපාර්තුමේන්තුවක 23 කුට කොරෝනා ....?

srilanka exercise capila kumarasingha
By Nimal Aug 24, 2021 04:40 AM GMT
Report

 සුරාබදු දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සංවේදී අංශ කිහිපයක නිලධාරීන් 23 දෙනෙකු කොරෝනා ආසාධිතයින් බවට පත්වුවත් නිලධාරීන් කිහිප දෙනෙකු යොදවා එදිනදා රාජකාරී නිසියාකාර සිදු කෙරෙන බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාර සිංහ මහතා පවසයි.දෙපාර්තුමේන්තුවක 23 කුට කොරෝනා ....? | Srilanka Exercise

මහජන පැමිණිලි කළමණාකරන අංශය ,මෙහෙයුම් මැදිරිය,සුරාබදු මත්ද්‍රව්‍ය කාර්යාංශය හා සුරාබදු මුලස්ථානයේ තිබෙන අංශ ගණනාවක නිලධාරින් මෙසේ කොරෝනා ආසාදිතයින් බවට පත්විම නිසා අදාල අංශ වසාදමා ඇත.

සුරාබදු දෙපාර්තුමේන්තුවේ රාජකාරි සදහා 150 ක ප්‍රමානයක් සිටිය යුතු වුවත් ඉහළම කළමණාකරනය කරන නිලධාරීන් දසදෙනෙකු වැනි සුළු පිරිසකගෙන් සිය රාජකාරි ඉටු කිරීමට පියවර ගෙන ඇතැයිද කපිල කුමාරසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.

ප්‍රධාන කාර්යාලයේ මුළු ගොඩනැගිල්ලම දිනකට තුන්වතාවක් විෂබිජ හරනය සිදු කෙරෙනු ඇත. කොරෝනා ආසාදිතයින් බවට 23 කු පත්වුවත් විශේෂයෙන් ආනයන හා අපනයන අංශය රාජකාරි ඉටු කරන අතර දිවයින පුරා අපාරාධ ග්‍රහන සහ බලපත්‍රලත් ස්ථාන අධීක්ෂණ කටයුතු දිගින් දිගටම ප්‍රධාන කාර්යාලය මගින් සිදු කෙරෙනු ඇත.

කොරෝනා ආසාදිතයින් බවට පත්විම හේතුවෙන් පානදුර හා මාතලේ සුරාබදු ස්ථාන වසා දමා ඇති අතර දැනට එක් නිලධාරියකු කොරෝනා වැලදීම හේතුවෙන් ජිවිතක්ෂයට පත්වි තිබෙන ඇත. කුමන බාධක පැමිණියද දිගින් දිගටම මෙහෙයුම් කටයුතු අඩපන වීමට ඉඩ නොදී පවත්වාගෙන යාමට පියවර ගන්නා බවද කපිල කුමාරසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය. 




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now