රටින් පැන්නුවත් ලංකාවෙදි වෙච්චි දේ ...

srilanka exercise capila kumarasingha
By Nimal Aug 19, 2021 02:04 AM GMT
Nimal

Nimal

Report

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඹස්සේ විකිණිම සදහා ඉදිරිපත්කර තිබු තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙ ස මෙරටට ආනයනය රුපියල් හත් ලක්ෂ පනස්දහසක් වටිනා විදේශීය සිගරැට් තොගයක් සමගින් එක් සැකකරුවකු ඊයේ (18) කඩුවෙල ප්‍රදේශයේදී කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් දුම්වැටි තොගයේ විදේශීය සිගරැට් 10 000ක් තිබු බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.රටින් පැන්නුවත් ලංකාවෙදි වෙච්චි දේ ... | Srilanka Exercise

සැකකරු වරාය තුළින් මෙරටට විදේශීය සිගරැට් රැගෙනවිත් මාසයක පමණ සිට සිය ජාවාරම සිදු කරගෙන යන බව සුරාබදු නිලධාරීන් ඉදිරියේ පාපොච්ජාරණය කර තිබේ.

අදාල සැකකරු මල්වාන ප්‍රදේශයේ පදිංචි 36 හැවිිරිදි අයකු වන මුස්ලිම් ජාතිකයකු බවද සුරාබදු නිලධාරින් පවසයි. සැකකරු අද (19) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ .ගුණසිරි ,සුරාබදු කොමසාරිස් (නිතී ක්‍රියාත්මක කිරීමේ )කපිල කුමාරසිංහ ,නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ගාමිණි අධිකාරී (නීති ක්‍රියාත්මක කිරිම්)යන මහත්වරුන්ගේ උපදෙස් මත, කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ අධිකාරී එච්.ඒ .ජයවර්ධන මහතාගේ මෙහෙයවීම මත ,කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ප්‍රිමේෂ් ප්‍රනාන්දු ,කෝප්‍රල් 922 සංජය ,නියාමක වරුන්වන රමිත,‍රියදුරු අසංක යන නිලධාරිහු මෙම වැටලීම සිදු කළහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now