ලක්ෂ ගණනක සිගරැට් තොගයක් කොටුවු අයුුරු ....
තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වු රුපියල් දහතුන් ලක්ෂයක් (13 00000/-)වටිනා විදේශීය සිගරැට් තොගයක් සමගින් එක් සැකකරුවක් පෑලියගොඩ ප්‍රදේශයේදී ජාඇල සුරාබදු නිලධාරීන් ඊයේ (17)අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ලඟ තිබී විදේශීය සිගරැට් 20046 සොයා ගත් බව ජාඇල සුරාබදු ස්ථානාධිපති විජිර විජේසිංහ මහතා පවසයි.
සුරාබදු නිලධාරීන් ව්‍යාජ ගැණුම් කරුවන් ලෙස වෙස් වලාගෙන ගොස් සිගරැට් මිලදී ගන්නා අවස්ථාවේ සැකකරු කොටු කර .ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.
කොරෝනා සමයේ ඉතා සුක්ෂම අයුරින් සිිගරැට් ජාවාරම සිදු කොට ඇති අතර පෑලියගොඩ , කොළඹ යන ප්‍රදේශවලට තොග වශයෙන් බෙදා හැරිම සිදු කරන බවද සැකකරු ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගෙන තිබේ.
සිගරැට් තොගය සමගින් අත්අඩංගුවට ගත් සැකකරු ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් උපුල් කුමාර මහතා වෙත අද (18)පෙරවරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකරුට රුපියල් දෙලක්ෂ හැත්තෑපන් දහසක (2 75 000/-)දඩ මුදලක් ගෙවන ලෙස නියම කොට ඇත.
ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් උපුල් කුමාර ,ජාඇල සුරාබදු අධිකාරී ආර්.ඒ.ඩී ඉන්ද්‍රනාත් ,ජාඇල සුරාබදු ස්ථානාධිපති වජිර විජේසිංහ ,සුරාබදු පරීක්ෂක ලක්මාල් බණ්ඩාර ,සැරයන් ශ්‍රියන්ත හේරත් ,නියාමකවරුන්වන උදාර ,බුද්ධික ,ධනුක ,සමීර යන නිලධාරිහු මෙම වැටලීම සිදු කළහ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |