කොරෝනාවට මුවාවී මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම ....

srilanka exercise nirosan welagedara
By Nimal Aug 17, 2021 12:36 PM GMT
Nimal

Nimal

Report

කරෝනා සමයේ තඹුත්තේගම හා අනුරාධපුර ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම කරගෙන ගිය සැකකරුවන් 9 දෙනෙකු වටලා රුපියල් ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් අනුරාධපුර සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ ගංජා ග්‍රෑම් 40 ක් තිබු බව අනුරාධපුර සුරාබදු ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිරෝෂන් වෙලගෙදර මහතා පවසයි. කොරෝනා වසංගතය නිසා පොලීසිය හා සුරාබදු නිලධාරීන් මත්ද්‍රව්‍ය වැටලීම් වලට මේ දිනවල එන්නේ නැති බැවින් අදාල සැකකරුවන් ජනතාව එක් රැස් වන ස්ථාන බලා ඉතා රහසිගතව තමන්ට රිසි අයුුරින් මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවට කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 9 දෙනාගෙන් 6 දෙනෙකු තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙතත් අනික් සැකකරුවන් තිදෙනා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණ වෙතත් ඉදිරිපත් කිරිීමෙන් පසු මහේස්ත්‍රාත්වරු ඉදිරියේ වරද පිලිගත් බැවන් සැකකරුවන් නවදෙනාර රුපියල් රුපියල් 60.000/- දඩ මුදලක් ‍ගෙවන ලෙස නියම කොට තිබේ.

උතුරු මැද පලාත භාර සහකාර සුරාබදු කොමසාරිස් සුමේධ වසන්ත ,අනුරාධපුර සුරාබදු අධිකාරී එස්.කේ .වනිගතුංග යන මහත්වරුන්ගේ උපදෙස් මත ,අනුරාධපුර සුරාබදු ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිරෝෂන් වෙලගෙදර මහතාගේ අධීක්ෂණය යටතේ ,සුරාබදු පරීක්ෂකවරන්වන වන්නිනායක ,උදයංගන,සැරයන් චන්ද්‍රසිරි,කෝප්‍රල් ප්‍රියන්ත කුමාර,නියාමකවරුන්වන බුද්ධික,මධුසංක ළහිරු ,පාරමී යන නිලධාරිහු මෙම වැටලීම සිදු කළහ.  




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now