මුහුදු මගින් ගෙන්වු ලක්ෂ ගණනක කේරල ගංජා තොගයක්...

srilanka exercise premes prenandu
By Nimal Aug 16, 2021 04:58 AM GMT
Nimal

Nimal

Report

ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට ගෙන්වු රුපියල් ලක්ෂ පනහක් (5,000,000/-) වටිනා කේරල ගංජා තොගයක් සමගින් එක් සැකකරුවකු පේදුරුතුඩුව ප්‍රදේශයේදී කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පෙරේදා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගයේ කේරල ගංජා කිලෝ 14ක් තිබු බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතා පවසයි.මුහුදු මගින් ගෙන්වු ලක්ෂ ගණනක  කේරල ගංජා   තොගයක්... | Srilanka Exercise

අදාල සැකකරු ඉන්දීය ධීවර යාත්‍රා මගින් රැගෙන එන කේරල ගංජා ඉන්දිය මුහුදු සීමාවේ දී ධීවර බෝට්ටු උපයෝගී කරගෙන මෙරටට රැගෙන විත් මෙම ජාවාරම ඉතා රහසිගතව වසරකට වැඩි කාලයක් තිස්සේ කරගෙන ගිය බව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු පේදුරුතුඩුව පදිංචි වයස අවුරුදු 44 ක් පමණ වන දමිළ අයෙක් වන අතර පේදුරුතුඩුව මහේසත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම් .ජේ.ගුණසිරි මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ හා සුරාබදු කොසමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම) කපිල කුමාරසිංහ , කොළඹ විශේෂ මෙහෙයුම් ඒ්කකයේ සුරාබදු අධිකාරී එච්. ජයවර්ධන යන මහත්වරුන්ගේ උපදෙස් මත, සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් , සුරාබදු පරීක්ෂකවරුන්වන අකිල රත්මලවින්න , සුමිත් ප්‍රේමකුමාර, සුරාබදු කෝප්‍රල් 698 ඉන්දික, නියාමකවරුන්වන 1141 රමිත , 717 නුගේගොඩ හා සුරාබදු නියාමක රියදුරු අසංක යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.   



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now