රක්ෂිතයෙන් නිෂ්පාදනාගාර පහක් ...

srilanka exercise samantha sirimanana
By Nimal Aug 06, 2021 03:59 PM GMT
Nimal

Nimal

Report

පන්නල ඇලබඩගම රක්ෂිතයේ මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාර පහක් වටලා රුපියල් ලක්ෂ පහක් වටිනා මත්පැන් හා ගෝඩා තොගයක් සමගින් සැකකරුවන් 5 දෙනෙකු කුලියාපිටිය සුරාබදු නිලධාරීන් අද අළුයම අත්අඩංගුවට ගෙන ඇත.රක්ෂිතයෙන් නිෂ්පාදනාගාර පහක් ... | Srilanka Exercise

අත්අඩංගුවට ගත් නිෂ්පාදනාගාරවල තිබී කසිස්පු ස්ප්‍රීතු මිලි ලීටර් 4000 ක්, බැරල් 10 ක්,සාදන ලද මත්පැන් ලීටර් 710 ක්,දගර හා උපකරණ තොගයක් සොයා ගත් බව කුලියාපිටිය සුරාබදු ස්ථානාධිපති සම්පත්   සිරිමාන්න මහතා පවසයි.රක්ෂිතයෙන් නිෂ්පාදනාගාර පහක් ... | Srilanka Exercise

සැකකරුවන් වැවක් ආශ්‍රිත ඇලබඩගම රක්ෂිතයේ තැන් පහක් ඉතා රහසිගතව මත්පැන් ජාවාරම කරමින් සිටියදි අද අළුයම රක්ෂිතයේ බොරු වලවල් හා මරඋගුල්වලින් බේරි ගොස් දැඩි පරිශ්‍රමයක් යොදා අදාල ජාවාරම් කරුවන් කොටු කර ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත. නිෂ්පාදිත මත්පැන් පන්නල නගරය ආශ්‍රිතව බෙදා හරින බවද සැකකරුවන් ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා ඉදිරියේදී කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

වයඹ සහකාර සුරාබදු කොමසාරිස් ප්‍රභාත් ජයවික්‍රම,කුරුණෑගල සුරාබදු අධිකාරි තිස්ස කුමාර රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් මත ,කුලියාපිටිය සුරාබදු ස්ථානාධිපති සම්පත්   සිරිමාන්න මහතාගේ අධීක්ෂණය යටතේ ,සුරාබදු කෝප්‍රල්වරුන් වන 730 නුවන් මහයාය ,942 සම්පත් වීරසිංහ ,නියාමක වරුන්වන 1087සුපන් ,1145 විජේසිංහ , රියදුරු චන්ද්‍රසේනබ යන නිලධාරීහු මෙම වැටලීම සිදු කලහ.