කෝටි ගණනක මත්ද්‍රව්‍ය තොගයක් කොටුවුයේ මෙලෙසිනි....?

srilanka exercise kapila kumarasingha
By Nimal Aug 04, 2021 07:06 AM GMT
Nimal

Nimal

Report

 කොරෝනා සමයේ ඉතා සුක්ෂම අයුරින් මහා පරිමානයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවු සැකකරුවන් තිදෙනකු වත්තල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමක දී වටලා රුපියල් හාරකෝටි හැත්තෑ හය ලක්ෂයක් (47,600,000/=) ක් වටිනා කේරල ගංජා තොගයක් කොළඹ සුරාබදු මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

මහජනතාවගෙක් ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගයේ ගංජා කිලෝ ග්‍රෑම් 200 ක් තිබු බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි. අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනා වත්තල ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 33, 37 හා 56 යන වයස් වල පදිංචි පුද්ගලයන් වන තොරතුරු අනාවරණය වෙයි.

කේරල ගංජා කිලෝ දෙක බැගින් පාර්සල් සාදා වත්තල ,ජාඇල ,පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ රැසකට බෙදා හරන බවට සැකකරුවන්ගේ ප්‍රශ්න කිරිමේදී තොරතුරු අනාවරණය වු බවද සුරාබදු නිලධාරීන් පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි හා සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ (නීති ක්‍රියාත්මක කිරීම්) යන මහත්වරුන්ගේ උපදෙස් මත, සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සුරාබදු අධිකාරී සමන්ත කොස්තා මහතා ගේ අධීක්ෂණය යටතේ සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ස්ථානාධිපති, සුරාබදු පරීක්ෂක ජානක ඩයස් මහතාගේ මෙහෙයවීමෙන්, සුරාබදු පරීක්ෂක රණවීර, සුරාබදු කෝප්‍රල්වරුන් වන 673 රත්නායක, 827 චමින්ද, 897 නුගේතැන්න, 906 මානවඩු, සුරාබදු නියාමකවරුන් වන 1060 ගයාන්, 1101 අල්විස්, 1176 චානුක සහ සුරාබදු රියදුරු දිල්රුක් යන නිලධාරීන් විසින් මෙම වැටලිම සිදු කළහ.