සැකකරුවන් ජයටම මත්පැන් නිෂ්පානයේ ....(PHOTO)
බිංගිරිය හා කුලියාපිටිය ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාර තුනක් වටලා රුපියල් ලක්ෂ තුනක් වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් තිදෙනකු අද දහවල් කුලියාපිටිය සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු මිලි ලීටර් 13600 ක් ,දගර තුනක් ,ප්ලාස්ටින් බැරල් හා යකඩ බැරල් 15 ක් ද , ගෝඩා ලිටර් 800 ක් පමණ තිබු බව කුලියාපිටිය සුරාබදු ස්ථානාධිපති සම්පත් සිරිමාන්න මහතා පවසයි.
මෙහිදී ප්ලාස්ටින් බැරල් හා ගෝඩා සියල්ල විනාස කිරීමට සුරාබදු නිලධාරීන් පියවර ගෙන තිබේ.
සැකකරුවන් ජලාශ ආශ්‍රිතව නිෂ්පාදිත මත්පැන් කොරෝනා වසංගතය ගැන කිසිදු සැලකිල්ලක් නොකොට කුලියාපිටිය, බිංගිරිය හෙට්ටිපොල යන ප්‍රදේශවලට ඉතා සුක්ෂම අයුරින් බෙදා හරින බවද සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී සුරාබදු නිලධාරින් අනාවරණය කරගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරියේදී කුලියාපිටිය හා හෙට්ටිපොල යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිිරිපත් කිරීමට නියමිතය.
වයඹ සහකාර සුරාබදු කොමසාරිස් ප්‍රභාත් ජයවික්‍රම හා කුරුණෑගල සුරාබදු අධිකාරී තිස්ස කුමාර රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් මත ,කුලියාපිටිය සුරාබදු ස්ථානාධිපති සම්පත් සිරිමාන්න මහතාගේ අධීක්ෂණය යටතේ ,සුරාබදු පරීක්ෂක අමිල රන්දෙණිය,සුරාබදු කෝප්‍රල්වරුන්වන 730 නුවන් මහයාය, 942 සම්පත් වීරසිංහ,සුරාබදු නියාමක 1087 යන නිලධාරිහු මෙම වැටලීම් සිදු කළහ.