රජයට ලක්ෂ ගණනනක අදායමක් ලබාදුන් නිලධාරින්....?
කොරෝන වසංගතය පැවතියද මසක් තුළ කළ සෝදිසි මෙහෙයුම් වලදී මත්පැන් හා මත්ද්‍රව්‍ය ජවාරම් කොටු කර අධිකරණ වෙත ඉදිරිපත්කොට රුපියල් අට ලක්ෂ හැටනමදාහක( 8 69000/-) දඩ ආදායමක් රජයට ලබාදීමට ජාඇල සුරාබදු නිලධාරීන් සමත්වි ඇත.
මෙහිදී වත්තල ,කදාන , ජාඇල හා පෑලියගොඩ යන ප්‍රදේශවල කළ සෝදිසි මෙහෙයුම් වල දී රුපියල් ලක්ෂ හයක් (600000/-) වටිනා මත්ද්‍රව්‍ය හා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් 104 දෙනෙකු ජාඇල සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ජාවාරම් කරුවන් අතරින් පෑලියගොඩ ප්‍රදේශයෙන් කුඩු වලට සම්බන්ධ සැකකරුවන් 31 දෙනෙකු කොටුකර ගැනීමට සමත්වු බව ජාඇල සුරාබදු ස්ථානාධිපති වජිර විජේසිංහ මහතා පවසයි.
මෙම සෝදිසි මෙහෙයුම් පුලි මාසය තුළදී සිදු කර තිබු අතර එහිදී මත්කුඩු හා මත්පැන් ජාවාරම් කරුවන් අතරින් ගංජා ජාවාරමේ නිරත 31 කු ,හොරායින් ජාවාරමේ නිරත 67 කු විදේශ මත්පැන් ජාවාරම් කළ 02කු හා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත 4 කු කොටු කර ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත. මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වැලිසර හා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරිමෙන් පසු මහේස්ත්‍රාත්වරු සැකකරුවන් හට රුපියල් අටලක්ෂ හැටනමදාහක( 8 69000/-)දඩ මුදලක් ගෙවන ලෙස නියම කළහ.
ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් උපුල් කුමාර ,ජාඇල සුරාබදු අධිකාරී ආර්.ඒ.ඩී. ඉන්ද්‍රනාත් යන මහත්වරුන්ගේ උපදෙස් මත ,ජාඇල සුරාබදු ස්ථානාධිපති වජිර විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ,සුරාබදු පරීක්ෂකවරුන්වන ගුණසිංහ ,කැකුලන්දර ,ලක්මාල් බන්ඩාර,සැරයන් 938 හේරත්,685 ලොකුපිටිය,කෝප්‍රල් වරුන්වන 779 ප්‍රනාන්දු ,817 රාමනායක,නියාමකවරුන්වන 658 රත්නසිරි,928 දිසානායක,996 ධර්මසිරි ,1058 සෝමසිංහ,1062 ජයරත්න ,1122 හෙට්ටිආරච්චි,1206 බණ්ඩාර හා රියදුරු අභයතුංග යන නිලධාරීහු මෙම වැටලීම් සිදු කළහ.