පලමු අඩ වසර තුළ මිලියන 200 මත්පැන් අත්අඩංගුවට ...

srilabka capila kumarasinha exciseer
By Nimal Jul 28, 2021 10:02 AM GMT
Nimal

Nimal

Report

 දිවයින පුරා සාර්ථක වැටලීම් 19,641 ක් සිදු මේ වසරේ පළමු අඩවසර තුළ සිදු කොට රුපියල් මිලියන 200 ක් වටිනා මත්පැන් හා මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.

මෙම වැටලීම් වලදී  අත්අඩංගුවට ගත්  සැකකරුවන්  අතරින් 2,602ක් ම කාන්තාවන් බවද  කපිල කුමාරසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය .පලමු අඩ වසර තුළ මිලියන 200 මත්පැන් අත්අඩංගුවට ... | Srilanka Exercise

මෙහිදී නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කළ ස්ථාන 993ක්,නීති විරෝධී ලෙස නිෂ්පාදිත මත්පැන් සන්තකය තබා ගැනීම් හා විකිණීම් 399 ක්, නීති විරෝධී ලෙස නිෂ්පාදිත ස්ප්‍රීතු සන්තකයේ තබා ගැනීම , ප්‍රවාහනය හා විකිණීම් 9932 ක්,නීති විරෝධී ලෙස මහා රා සන්තකයේ තබා ගැනීම් , ප්‍රවාහනය හා විකිණීම් 2714 ක්,නීති විරෝධී ලෙස රජයේ අරක්කු සන්තකයේ තබා ගැනීම් , ප්‍රවාහනය හා විකිණීම් 1269 ක් ,නීති විරෝධී ලෙස විදේශ මත්පැන් සන්තකයේ තබා ගැනීම් , ප්‍රවාහනය හා විකිණීම් 670 ක්,කොටු කරගත් අතර සුරා අපරාධ පිළිබඳ තොරතුරු ලබා දීමට නොහැකි වීම 103ක්ද සමගින් එකතුව 16,084 කි විස,අබිං හා අන්තරායකර ඖෂධ පිළිබද ආඥා පනත හා මාදක මනෝවර්තක පිළිබද සම්මුති පනත යටතේ සිදුකල සාර්ථක වැටලීම්.2,152 ක්ද,දුම්කොළ බදු පනත හා දුම්කොල හා මද්‍යසාර පිළිබද ජාතික අධිකාරි පනත යටතේ සිදුකල සාර්ථක වැටලීම්.1,405 ක්ද සිදු කොට තිබේ.

මීට අමතරව මේ වසරේ පළමු මාස හය තුළදී මත්පැන් විකිණීම සදහා සුරාබදු බලපත්‍ ලත් ස්ථාන ආශ්‍රිතව ග්‍රහණය කල වැරදි සංඛ්‍යාව 1,103 කි. මෙම ග්‍රහණයන් දිවයින පුරා පිහිටි සුරාබදු ස්ථාන 57 ක් හා සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකක 5 ක් මගින් මෙන්ම සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් සිදුකරන ලද සාර්ථක වැටලීම් වලින් සමන්විත වේ.

මෙම සුරා, මත්ද්‍රව්‍ය හා දුම්කොල අපරාධ පිළිබදව අධිකරණය ඉදිරියේ නඩු පැවරීමෙන් අනතුරුව අධිකරණය මගින් රුපියල් 61,809,526.00 ( මිලියන 61 ක් ) දඩ මුදල් ලෙස පනවා ඇත. මෙම වැටලීම් අතරින් වැඩිම ප්‍රමාණයක් මහජනතාව විසින් සෘජුව හා 1913 දුරකථන අංකය ඔස්සේ සුරාබදු මූලස්ථානයේ ස්ථාපිත කර ඇති සුරාබදු මෙහෙයුම් මැදිරිය මගින් ලබාදෙන ලද පැමිණිලි හා තොරතුරු මත සිදුකොට ඇත. ඒ ඒ පළාත් භාර සහකාර සුරාබදු කොමසාරිස්වරුන් හා දිස්ත්‍රික් භාර සුරාබදු අධිකාරිවරුන්ගේ මෙහෙයවීම යටතේ සුරාබදු නිළධාරීන් නවසියයක‍ට ආසන්න ප්‍රමාණයක් දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි යොදවමින් මෙම වැටලීම් සිදුකොට ඇත.

සුරා, මත්ද්‍රව්‍ය හා දුම්කොල අපරාධ වලක්වාලමින් සාර්ථක වැටලීම් සිදු කිරීම සදහා මහජනතාව විසින් අප වෙත ලබා දෙන පැමිණිලි මහත් පිටුවහලක් වන අතර, ඒ සදහා පැය 24 පුරා ක්‍රියාත්මක 1913 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ මෙන්ම 0112 877 882 / 0112 877 688 / 011 209 6679 අංකයන්ට ෆැක්ස් මගින් ද, oiccrime@excise.gov.lk විද්යුත් තැපෑල මගින් ද එම පැමිණිලි ඉදිරියටත් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත යොමු කරන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සීටී.