රුපියල් ලක්ෂ පන්සියයක මත්ද්‍රව්‍ය තොගයක් කොටු....

SRILANKA EXERCISE PREADEP JAYASINGHA
By Nimal Jul 13, 2021 12:09 PM GMT
Nimal

Nimal

Report

  කටාන ,මීගමුව හා මිනුවන්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල කළ සෝදිසි මෙහෙයුම් වලදී රුපියල් ලක්ෂ පන්සියයක් (5 00 00 000/-) වටිනා නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් සමගින් සැකකරුවන් 402 දෙදෙනකු මීගමුව සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.රුපියල් ලක්ෂ පන්සියයක මත්ද්‍රව්‍ය තොගයක් කොටු.... | Srilanka Exercise

මෙම සෝදිසි මෙහෙයුම් වලදී නීති විරෝධී ස්ප්‍රීතු ලීටර් 1116 ක් ,විදේශීය මත්පැන් හා රජයේ අරක්කු ලීටර් 200 ක් හා නීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා දගර බැරල් ගෑස් ලිප් ඇතුලු උපකරණ රැසක් අත්අඩංගුවට ගත් බව මීගමුව සුරාබදු ස්ථානාධිපති ප්‍රදීප් ජයසිංහ මහතා පවසයි.රුපියල් ලක්ෂ පන්සියයක මත්ද්‍රව්‍ය තොගයක් කොටු.... | Srilanka Exercise

නීති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන්ගෙන් සියයට තිහක් පමණ මීගමුව හා මිනුවන්ගොඩ යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත්කොට රුපියල් ලක්ෂ දහයක දඩ මුදලක් අයකර ගෙන තිබේ .පසු ගිය කොරෝනා සමයේ සංචරණ සීමා පනවා ඇති හෙයින් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නොහැකිවු තවත් සැකකරුවන් සියයට හැත්තෑවක් පමණ ඉදිරියේදී අධිකරණ වෙත ඉදිරිපත් කොට දැඩි දඩුවම් පැමිණ වීමට නියමිතය. අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනෙහි ගතවු මාස හයතුළ හෝටල් ,ආපන ශාලා හා රටබීම හල් වල සිදු කළ කාර්මික අපරාධ වාර්තා පනහක් කොටු කර ගැනීමට සුරබදු නිලධාරීන් සමත්වී ඇත.

එහිදී බලපත්‍ර ස්ථානවල සිදු කළ කාර්මික අපරාධ වාර්තා සදහා බලපත්‍රලාභීන් සහකාර ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් උපුල් කුමාර මහතා වෙත ඉදිරිපත් කොට බලපත්‍රලාභීන්ගේ පෙරවැරදි සලකා බලා රුපියල් ලක්ෂ අසුවක දඩ ආදායමක් (80 00 000/-) )අයකරගෙන තිබේ.

ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් උපුල් කුමාර මහතාගේ උපදෙස් මත, ජාඇල සුරාබදු අධිකාරී ආර්.ඒ.ඩී ඉන්ද්‍රනාත් මහතාගේ අධීක්ෂණය යටතේ ,මීගමුව සුරාබදු ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ප්‍රදීප් ජයසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ,සුරාබදු පරික්ෂක වරුන්වන ජේ.ඒ.ඩී .එන් ජයකොඩි,පී.ඒ ඉන්ද්‍රජිත් ,ජී.ආර්.ප්‍රියංග ජෙස්මින් ,කේ .ඒ.එම්.බී.දිවුල්කුඹුර ,සැරයන් වරුන්වන ඒ.ඒ.එස් අමරසිංහ, ඩබ්ලිව්.ඩී.එන් සමරනායක ,එම්.එම්.ආර්.පෙරේරා,කෝප්‍රල්වරුන්වන සමරකෝන් ,අතපත්තු, උපුල් රණසිංහ , ප්‍රියන්ත,කුලරත්න,නියාමක රණසිංහ ,කාන්තා නියාමිකා ප්‍රියදර්ශනී,රියදුරු කෝප්‍රල් චන්ද්‍රලාල් යන නිලධාරීහු මෙම වැටලීම් සිදු කළහ.