දිළිදු පවුල් සදහා ප්‍රජා සත්කාරක වැඩසටහනක් ....

srilanka exercise dera gunasekara
By Nimal Jul 07, 2021 11:44 AM GMT
Nimal

Nimal

Report

කොවිඩ් 19 වයිරසයෙන් අසරණ තත්ත්වයට පත්ව සිටින දිළිදු ජනතාවට හා නිරෝධානයට ලක්ව සිටින දිළිදු ජනතාවට රුපියල් දෙලක්ෂ පනස් දහසක් පනස්දහක් වටිනා වියලි ආහාර අඩංගු පාර්සල් 50 ක් දකුණු පලතේ සුරාබදු නිලධාරීන් පරිත්‍යාග කොට ඇත.දිළිදු පවුල් සදහා  ප්‍රජා  සත්කාරක වැඩසටහනක් .... | Srilanka Exercise

සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ .ගුණසිරි මහතාගේ සංකල්පයකට අනුව දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් චන්න වීරක්කොඩි හා ගාල්ල සුරාබදු අධිකාරී සුනිල් ශාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත,දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර මහතා හා ඇල්පිටිය සුරාබදු ස්ථානාධිපති සුරාබදු පරීක්ෂක ටී.එල්.පී මෙන්ඩිස් යන මහත්වරුන්ගේ මෙහෙයවීමනේ හා සුරාබදු නිලධාරීන්ගේ හා ධානපතියන්ගේ ධන පරිත්‍යාගයෙන් රුපියල් පන්දහසක් වටිනා මෙම සහන මළු ඉතා අසරණ තත්ත්වයට පත්වු පවුල් සදහා ලබාදීමට පියවර ගෙන ඇත.දිළිදු පවුල් සදහා  ප්‍රජා  සත්කාරක වැඩසටහනක් .... | Srilanka Exercise

ඇල්පිටිය ,නියාගම ,වැලිවිටිය දිවිතුර යන ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ සහභාගිත්වයෙන් ඹවුන්ගේ නාමලේඛන අනුව මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන ඇල්පිටිය ප්‍රදේශයේදී දියත් කෙරිණ.