කතරගම ඇසළ උත්සවයට සතිදෙකක් සුරාසැල් වසයි...

srilanka exercise capila kumarasingha
By Nimal Jul 02, 2021 11:55 AM GMT
Nimal

Nimal

Report

  ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවය වෙනුවෙන් මේ මස 10 වන දින සිට 24 දින දක්වා කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීම සුරාබදු කොමසාරිස් ජනරාල් වරායා නියෝග කොට ඇත.

කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ මත්පැන් අලෙවි කිරීම සදහා බලපත්‍ර ලත් වයින් ස්ටෝර්ස්, ආපනශාලා, සංචාරක හෝටල, ආගන්තුක නිවාස ආදියෙහි මත්පැන් අලෙවිය මේ අනුව සපුරා තහනම් බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.කතරගම ඇසළ උත්සවයට සතිදෙකක් සුරාසැල් වසයි... | Srilanka Exercise

මෙම කාල සීමාව ආවරණය කරමින් ඌව පලාත නියෝජනය කරන සුරාබදු නිලධාරී කන්ඩායම් ඇසල උත්සව භූමිය සහ අවට ප්‍රදේශ වල රාජකාරියේ යෙදවීමට කටයුතු යොදා ඇති අතර ඇසල උත්සව කාල සීමාව තුල ඇසල උත්සව භූමිය මතින් තොර කලාපයක් බවට පත් කිරීම සදහා අවශ්‍ය සියලු පියවර ගැනීමට ඔවුන් වෙත උපදෙස් ලබා දී ඇත.

කතරගම දේවාල පුදබිම තුල සහ ආසන්න ප්‍රදේශ වල සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සදහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත අංක 1913 දුරකථනය දවසේ පැය 24 පුරාවට මහජනතාව සදහා විවෘතව තැබෙනු ඇත.

ඵෙතිහාසික රුහුණු කතරගම දේවාලයෙහි ඇසළ උත්සවය සදහා සහභාගී වීමට පැමිණෙන බැතිමතුන් කිසිවෙකුටත් මත්පැන් හා මත්ද්‍රව්‍ය මෙම පූජාභූමිය තුලට ගෙන ඒම සපුරා තහනම් වන අතර පූජාභූමිය එම කාලසීමාව තුළ මතින් තොර කලාපයක් ලෙස පවත්වා ගැණීම සදහා දරණ මෙම උත්සාහයට සහායවන ලෙස ඇසල උත්සවය සඳහා සහභාගී වීමට අපේක්ෂා කරණ සියලු ජනතාවගෙන් සුරාබදු දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.