මත් ජාවාරම් කරුට රුපියල් 1 17600/-දඩයක් ....

srilanka exercise s k wanigatunga
By Nimal Jul 02, 2021 11:28 AM GMT
Nimal

Nimal

Report

 සංචරණ සීමා දිනවල සුරාසැල් වසා තිබියදී රුපියල් ලක්ෂයක් වටිනා විදේශීය මත්පැන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරු අද(02) තඹුත්තේගම මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා වෙත ඉදිිරිපත් කිරීමෙන් පසු වරද පිළිගත් සැකකරුට රුපියල් එක්ලක්ෂ දාහත්දාස් හයසියයක(117600/)දඩ මුදලක් ගෙවන ලෙස නියම කොට ඇත.

අදාල සැකකරු සුරාසල් වසා තිබෙන දිනවල වැඩි මිලට අලෙවි කිරීම සදහා විදේශීය මත්පැන් රැගෙන යන විට ලද තොරතුර කට අනුව අනුරාධපුර සුරාබදු නිලධාරින් තඔුත්තේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණ.

අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ විදේශීය මත්පැන් තොගයේ බියර් බෝතල් 196 ක් තිබු බව අනුරාධපුර සුරාබදු ස්ථානාධිපති නිරෝෂ වෙලගෙදර මහතා පැවසුවේය.

සැකකරු සුරාබදු ඇපමත මුදාහැර තිබු අතර අද තඔුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගත් සැකකරුට එක්ලක්ෂ දාහත් දහස් හයසියයක දඩ මුදලක් ගෙවන ලෙස නියම කොට ඇත.

උතුරු මැද පලාත භාර සහකාර සුරාබදු කොමසාරිස් සුමේධ වසන්තසිරි මහතාගේ උපදෙස් මත ,අනුරාධපුර සුරාබදු අධිකාරී එස් .ඒ .වනිගතුංග මහතා ගේ මෙහෙයවීමෙන් ,අනුරාධපුර සුරාබදු ස්ථානාධිපති නිරෝෂ වෙලගෙදර මහතාගේ අධීක්ෂණය යටතේ ,පරීක්ෂකවරුන් වන වන්නිනායක ,උදයංගන ,සැරයන් චන්ද්‍රසිරි,කෝප්‍රල් ප්‍රියන්ත,නියාමකවරුන්වන බුද්ධික,ළහිරු,මධුසංක,පාරමී ,රියදුරු චරිත යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ