යෝධකණ්ඩිය වැව්තාවුල්ලෙන් ස්කාගාර දෙකක් වටලයි...
පොසොන් පොහොයදින බෙදා හැරිම සදහා තිස්සමහාරාමය, , සඳසිරිගම, යෝධකන්ඩිය වැව්තාවුල්ල ආශ්‍රිතව කුඹුරු යායක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාර දෙකක් වටලා කසිප්පු ස්ප්‍රීතු තොගයක් සමගින් සැකකරුවන් දෙදෙනකු හම්බන්තොට සුරාබදු නිලධාරීන් පෙරේදා අත්අඩංගුවට ගෙන ඇත.
You may like this video
අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු මිලි ලිටර් අසු දෙදහසක් , නීති විරෝධි ලෙස සාදන ලද මත්පැන් මිලිලිටර් ලක්ෂ හතරක්, තඹ දගර, බැරල් සහ පෙරිමේ උපකරණ තොගයක් තිබු බව හම්බන්තොට සුරාබදු අධිකාරී එම් .ජයන්ත සිල්වා මහතා පවසයි.
දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් චන්න වීරක්කොඩි මහතාගේ උපදෙස් මත,කළ සෝදිසි මෙහෙයුමේදී මෙම නීති විරෝධි ස්ප්‍රිතු ස්කාගාර දෙක, යෝධකණ්ඩිය වැවෙන් ගලා යන ඇල මාර්ගයක ජලය උපයෝගි කරගෙන ඉතා සුක්ෂමව පවත්වාගෙන ගොස් තිබු බව වැටලීමට සහභාගි වු සුරාබදු නිලධාරිහු පවසති.
මෙම වැටලිමේදි වයස අවුරුදු හතලිස් හතක් සහ හතලිස් තුනක් වයසති සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එක් සැකකරුවෙකුගේ දකුණු අත සහ වම් අතේ මාපට ඇගිල්ල ගොයම් කපන යන්ත්‍රයකට හසුවීමෙන් අහිමි වි ඇති බව ජයන්ත සිල්වා මහතා පවසයි. ඉතා සුක්ෂම ආකාරයෙන් වැව්තාවුල්ල ආශ්‍රිත පං පදුරු තුළ සගවා පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාර අත්අඩංගුවට ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වි ඇත.
පොසොන් පොහොයට රජයේ මත්පැන් හල් වසා තබන නිසා තිස්සමහාරාමය හා අවට ප්‍රදේශවලට බෙදා හැරීම සදහා මෙම ස්ප්‍රිතු නිෂ්පාදනය කල බව සැකකරුවන් සුරාබදු නිළධාරින් ඉදිරියේ පාපොච්චාරනය කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සුරාබදු ඇප මත මුදා හැර ඇති අතර ඉදිරියේදි තිස්සමහාරාමය මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතය.
දකුණු පළාත් භාර සහකාර සුරාබදු කොමසාරිස් චන්න විරක්කොඩි මහතාගේ උපදෙස් මත,හම්බන්තොට සුරාබදු අධිකාරි එම්.ජයන්ත.ද.සිල්වා මහතාගේ අධික්ෂණය යටතේ හම්බන්තොට සුරාබදු ස්ථානාධිපති එච්.ඩබ්.ආර්.චින්තක මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු නියාමකවරුන් වන සුරත් මධුශංක ,තේනුක වීරසිංහ සහ සුරාබදු නියාමක රියදුරු අජිත් ප්‍රසන්න යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.