පොහොයදා අලෙවියට තිබු මත්පැන් තොගයට සිදුවු දේ .....?
පොසොන් පොහොය දින වැඩි මිලට අලෙවි කිරීම සදහා සුදානම් කරතිබු රුපියල් හැටදහසක්( 60,000 ) වටිනා මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවන් හෝකන්දර ප්‍රදේශයේදී සුරාබදු මෙහෙයුම් මැදිරියේ නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ රජයේ අනුමත අරක්කු මිලි ලීටර 28.500 ක් තිබු බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.
සංචරණ සීමා ලිහිල් කළ අවධියේ මත්පැන් අලෙවි හල් වලින් මත්පැන් විශාල වශයෙන් රැගෙන විත් බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස අලෙවි කරන බවට 1913 අංකයට ලද තොරතුරකට අනුව සුරාබදු නිලධාරීන් මෙම වැටලීම සිදු කොට තිබේ.
මෙහිදී හෝකන්දර සිංහපුර ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයකු කොටුකර ගත් අතර අදාල සැකකරු නීති විරෝධී ලෙස විකිණිම සදහා ප්‍රවාහනය කිරිම පිණිස රටබීම හලකින් මිලට ගෙන ඇති බවට අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට මත්පැන් තොගය හා සැකකරු ශ්‍රී ජයවර්ධන පුර සුරාබදු ස්ථානය වෙත බාරදී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර සුරාබදු ස්ථානයේ සුරාබදු ස්ථානාධිපති සුරාබදු පරීක්ෂක තිලක් දසා මහතාගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය පිළිබදව වැඩිදුර විමර්ශන පැවැත්වේ
මත්පැන් තොගය සමගින් අත්අඩංගුවට ගත් සැකකරු සුරාබදු ඇපමත මුදා හැර ඇති අතර ඉදීරියේදී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත 1913 සුරාබදු මෙහෙයුම් මැදිරියේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක තිලක් දිසානායක, සුරාබදු නියාමක 1115 නානායක්කාර සහ සුරාබදු රියදුරු ජී. ජී. රංජිත් යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.