පොහොයදා අලෙවියට රැගෙන ගිය මත්පැන් තොගයක් කොටු ....
පොසොන් පොහොය දින වැඩිමිලට අලෙවි කිරීම සදහා කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් තිබු රුපියල් ලක්ෂයක් වටිනා විදේශීය මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවකු තඹුත්තේගම ප්‍රදේශයේදී අනුරාධපුර සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් විදේශීය මත්පැන් තොගයේ බියර් බෝතල් 200 ක් තිබු බව අනුරාධපුර සුරාබදු ස්ථානාධිපති නිරෝෂ වෙලගෙදර මහතා පවසයි.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී පොසොන් උත්සවය දිනට සුරාසැල් වසා ඇති බැවින් එදිනට වැඩි මිලට අලෙවි කිරීම සදහා රැගෙන යන බවට සුරාබදු නිලධාරීන් ඉදිරියේ පාපොච්ජාරණය කර තිබේ.
අදල මත්පැන් තොගය සමගින් සැකකරු ඉදිරියේදී තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
උතුරු මැද පලාත භාර සහකාර සුරාබදු කොමසාරිස් සුමේධ වසන්ත මහතාගේ උපදෙස් මත ,අනුරාධපුර සුරාබදු අධිකාරී එස් .ඒ .වනිගතුංග මහතා ගේ මෙහෙයවීමෙන් ,අනුරාධපුර සුරාබදු ස්ථානාධිපති නිරෝෂ වෙලගෙදර මහතාගේ අධීක්ෂණය යටතේ ,පරීක්ෂකවරුන් වන වන්නිනායක ,උදයංගන ,සැරයන් චන්ද්‍රසිරි,කෝප්‍රල් ප්‍රියන්ත,නියාමකවරුන්වන බුද්ධික,ළහිරු,මධුසංක,පාරමී ,රියදුරු චරිත යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ