මුහුදු මගින් ගෙනා ලක්ෂ ගණනක සිගරැට් තොගයක් දැලේ...

srilanka exercise upulkumara
By Nimal Jun 20, 2021 08:39 AM GMT
Nimal

Nimal

Report

තීරු බදු නොගෙවා මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වු රුපියල් ලක්ෂ විසිහයක් වටිනා විදේශීය සිගරැට් තොගයක් සමගින් සැකකරුවන් දෙදෙනකු වත්තල හා කැළණිය ප්‍රදේශයේදී ජාඇල සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

සුරාබදු නිලධාරීන්හට ලද තොරතුරකට අනුව ව්‍යාජ ගැණුම් කරුවන් ලෙස වෙස්වලාගෙන ගොස් අදාල ස්ථාන දෙකෙන් ම විදේශීය සිගරැට් මිලදී ගන්නා මුවාවෙන් සිගරැට් තොගය සමගින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් උපුල් කුමාර මහතා පවසයි.මුහුදු මගින් ගෙනා ලක්ෂ ගණනක සිගරැට් තොගයක් දැලේ... | Srilanka Exercise

වත්තල හා කැළණිය ප්‍රදේශයේ සැකකරුවන් දෙදෙනා ගේ නිවෙස් තුළ සගවා තිබු සිගරැට් තොගයේ විදේශීය සිගරැට් 40140 සොයා ගැනීමට ජාඇල සුරාබදු නිළධාරීන් සමත්වී ඇත. අත්අඩංගුවට ගත් විදේශීය සිගරැට් තොගය ඩුබායි රටේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ බව සැකකරුවන් සුරාබදු නිළධාරීන් ඉදිරියේ පාපොච්ජාරණය කර තිබේ.මුහුදු මගින් ගෙනා ලක්ෂ ගණනක සිගරැට් තොගයක් දැලේ... | Srilanka Exercise

සැකකරුවන් දෙදෙනා ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් උපුල් කුමාර මහතා වෙත හෙට(21) ඉදිරිපත් කොට දඩුවම් පැමිණ වීමටත් ,සිගරැට් තොගය රාජසන්තක කිරීමටත් නියමිතය.

ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් උපුල් කුමාර මහතාගේ උපදෙස් මත, ජාඇල සුරාබදු අධිකාරී ආර්.ඒ.ඩී ඉන්ද්‍රනාත් මහතාගේ මෙහෙයවීමෙන් ,ජාඇල සුරාබදු ස්ථානාධිපති වජිර විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ,සුරාබදු පරීක්ෂක ගුණසිංහ,සැරයන් ශ්‍රියන්ත හේරත්,කෝප්‍රල්වරුන්වන රාමනායක ,පද්මසිරි ,නියාමකවරුන්වන උදාර,බුද්ධික,ධනුක,සමීර,රියදුරු රවීන්ද්‍ර යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.