මත්පැන් නිෂ්පාදනාගාරයට අත්වු ඉරණම ....?

srilanka exercise dera gunasekara
By Nimal Jun 18, 2021 04:44 AM GMT
Nimal

Nimal

Report

  ඇල්පිටිය ,නියාගම ප්‍රදේශයේ නිවසක් තුළ මහා පරිමානයෙන් පවත්වගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා රුපියල් ලක්ෂ දෙකක් (2 00 000/-)වටිනා මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවකු ඊයේ දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු ස්ප්‍රීතු මිලි ලීටර් 42 800 ක්, ගෝඩා මිලි ලීටර් 1 10 000 ක්, ගෑස් ලිප් ,බැරල් දගර ඇතුළු උපකරණ තොගයක් සොයා ගත් බව දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර මහතා පවසයි.මත්පැන් නිෂ්පාදනාගාරයට අත්වු ඉරණම ....? | Srilanka Exercise

සංචරණ සීමා පනවා තිබෙන අවධියේ නිවසක කුස්සිය බොහෝ නිවෙස් හිමියන් ඉවුම් පිහිම් කටයුතු වලට අමතරව මත්පැන් නිෂ්පාදනය කරීමට පටන් ගෙන ඇති බවට තොරතුර අනාවරණය වීමට පටන් ගෙන තිබේ. ඒ අනුව දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් චන්න වීරක්කොඩි මහතාගේ උපදෙස් මත කළ සෝදිසි මෙහෙයුමේදී නියාගම නිවසක කුස්සියේ ගෑස් සිලින්ඩරය උපයෝගී කරගෙන පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් සමගින් සැකකරුවකු කොටු කර ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.මත්පැන් නිෂ්පාදනාගාරයට අත්වු ඉරණම ....? | Srilanka Exercise

සැකකරු කොත්තමල්ලි  හා බංගල්ගැට  උපයෝගී කරගනිමින් මත්පැන් නිෂ්පාදනය කරන බවට සුරාබදු නිලධාරීන් ඉදිරියේ පාපොච්ජාරණය කර තිබේ.මත්පැන් නිෂ්පාදනාගාරයට අත්වු ඉරණම ....? | Srilanka Exercise

අත්අඩංගුවට ගත් සැකකරු රුපියල් පනස්දහසක සුරාබදු සහතික ඇපමත මුදාහැර තිබේ. ඉදිරියේදී සැකකරු ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් චන්න වීරක්කොඩි මහතාගේ උපදෙස් මත,ගාල්ල සුරාබදු අධිකාරී සුනිල් ශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් , දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර මහතා ගේ අධීක්ෂණය යටතේ,සුරාබදු පරීක්ෂක ලක්ෂාන් පෙරේරා,සැරයන් 770 විරාජ් හේමපාල,නියාමක 1031උපුල් තුෂාර,1133 මිහිරාන් එදිරිවීර ,රියදුරු හර්ෂ විදුරංග යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.