සුපිරි නිවසකින් නිෂ්පාදනාගාරයක් කොටු - ඇනවුම් බොහෝයි....?
අතුරුගිරිය ප්‍රදේශයේ සුබෝගභෝගී නිවසක් තුළ රහසිගතව මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා රුපියල් තිස් ලක්ෂ පනස් දාස් පන්සියයක් (3050 500/-) වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු මිලි ලීටර් 525,000 ක්, ගෝඩා මිලි ලීටර් 4,325,000 ක් මත්පැන් නිෂ්පාදනය සදහා යොදා ගන්නා දගර , ගෑස් සිලින්ඩර්, ගෑස් ලිප්, වඩි බැරලඇතුළු උපකරණ තොගයක් සොයා ගත් බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.
සුරාබදු නියාමක 1141 රමිත නිලධාරියාගේ ඔත්තුවකට අනුව කළ සෝදිසි මෙහෙයුමේදී හෝමාගම අතුරුගිරිය පාරේ, දෙවන පටුමග පිහිටි සුබෝපභෝගී නිවසක් කුලී පදනම මත ලබා ගැනීමෙන් අනතුරුව එම නිවස තුළ යුවලක් ජීවත් වන බවට ප්‍රදේශයේ පුද්ගලයින් හට හගවමින් ජාවාරම නිවස තුළම රහසිගතව සරුවට කරගෙන ගොස් තිබේ.
මෙම ජාවාරමේදී සෑදෙන අපද්‍රව්‍ය වන උණු ගෝඩා වැසිකිලි පද්ධතිය ඔත්සේ ගලා යාමට සලස්වා තිබීම හේතුවෙන් අසල්වාසීන්ට කිසිදු ලෙසකට ගෝඩා ගද වහනය නොවීමට මෙම සැකකරු වගබලාගෙන තිබේ.
මෙම සැකකරුවන් ඉහළ පැලැන්තියේ පවුලක් ලෙස ජීවත් වන ආකාරයට අසල් වාසීන්ට අගවා තිබේ.
මෙම දිනවල රජයේ අනුමත මත්පැන් විකිණීමේ ස්ථාන වසා තැබීම හේතුවෙන් පවතින මත්පැන් සදහා දැඩි ඉල්ලුම හේතුවෙන් සංචරණ සීමා පැවතිය ද කෙසේ හෝ තම ගැණුම් කරුවන් සිටින ප්‍රදේශ කිහිපයකට රැගෙන ගොස් අධික මිල ගනන් වලට නීති විරෝධී ලෙස පෙරන ලද මෙම මත්පැන් අලෙවි කරනු ලබන බවට සැකකරු සුරාබදු නිලධාරීන් ඉදිරියේ පාපොච්ජාරණය කර තිබේ.
ඉල්ලුමට සරිලන පරිදි තමා හට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලිය නොහැකි වූ බවත් පවසා සිටී.
එම අත්අඩංගුවට ගත් පුද්ගලයන් වයස අවුරුදු 45 ක් හා වයස අවුරුදු 31 ක් පමණ වන හබරකඩවත්ත ප්‍රදේශයේ හා මාකෙවිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් වන අතර නීති විරෝධී ලෙස මත්පැන් පෙරීම, මත්පැන් පෙරීම සදහා උපකරණ සන්තකය තබා ගැනීම, නීති විරෝධී ලෙස පෙරන ලද මත්පැන් කසිප්පුසන්තකයේ තබා ගැනීම, මත්පැන් පෙරීම සදහා සාදන ලද මත්පැන් (ගෝඩා) සන්තකයේ තබා ගැනීම යන චෝදනා සදහා අත්අඩංගුවට ගැනීමෙන් පසු සුරාබදු ඇප මුදා හැර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි දිනක දී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සුරාබදු කොමසාරිස් ජනරාල් තුමාගේ සෘජු අධීක්ෂණය යටතේ හා සුරාබදු කොසමසාරිස් (නීති ක්රියාත්මක කිරීම) කපිල කුමාරසිංහ , දීපව්‍යාප්ත විශේෂ මෙහෙයුම් ඒ්කකයේ සුරාබදු අධිකාරී හා දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් චන්න වීරක්කොඩි යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ , දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒ්කකයේ අධිකාරී එච්.එච්.ඩී.ජයවර්ධන මහතාගේ මෙහෙයවීමෙන්, සුරාබදු ස්ථානාධිපති, ප්‍රධාන සුරාබදු පරීක්ෂක රමේෂ් ප්‍රනාන්දු , සුරාබදු පරීක්ෂක රාජපක්ෂ , සුරාබදු සැරයන් 842 නජිත්සිං, සුරාබදු කෝප්රල්වරුන්වන 637 වීරසිංහ, 820 සිසිල්, 825 හර්ෂ, 828 මංජුල, 922 සංජය, 997 නිලංත, සුරාබදු නියාමක රියදුරු එදිරිසිංහ හා හේරත් යන නිලධාරීන් මෙම වැටලී සිදු කළහ.