නිවාස තුනක මුළුතැන් ගෙයින් මත්පැන් නිෂ්පාදනාගාර මතුවෙයි....(PHOTO)

srilanka exercise dera gunasekara
By Nimal Jun 13, 2021 04:51 AM GMT
Nimal

Nimal

Report

 කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දිවයින පුරා සංචරණ සීමා පනවා ඇති යුගයක ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම සදහා සියළුම සුරාසැල් වසා තැබීමට රජය නියෝග නිකුත් කොට තිබේ .එවැනි අවදියක බොහෝ නිවෙස්තුළ මුළු තැන් ගෙය ඉයුම් පිහුම් කටයුතු වලට අමතරව නීති විරෝධී මත්පැන් නිෂ්පාදය කිීරීමට උපයෝගී කරගෙන ඇතැයි දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි.

එහි ප්‍රථිපලයක් ලෙස දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් චන්න වීරක්කොඩි මහතාගේ උපදෙස් මත ඊයේ දිනයේ හබරාදුව ,පිලාන, වලහන්දුව යන ප්‍රදේශවල කළ සෝදිසි මෙහෙයුමකදී නිවාස තුනක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර තුනක් වටලා රුපියල් ලක්ෂ දහයක්(10 00 000/-)වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවත් තිදෙනකු දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.නිවාස තුනක මුළුතැන් ගෙයින් මත්පැන් නිෂ්පාදනාගාර මතුවෙයි....(PHOTO) | Srilanka Exercise

අත්අඩංගුවට ගත් මත්පැන් නිෂ්පාදනාගාර තුනෙහි තිබී කසිප්පු මිලි ලීටර් 61150 ක්, ගෝඩා මිලි ලීටර් 520 000 ක්,ගෑස් ලිප් ,සිලින්ඩර් ,දගර තුනක් ඇතුළු පෙරණ උපකර තොගයක් සොයා ගත්බව දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර මහතා පවසයි.නිවාස තුනක මුළුතැන් ගෙයින් මත්පැන් නිෂ්පාදනාගාර මතුවෙයි....(PHOTO) | Srilanka Exercise

දිවයින බලපත්‍ර ලත් මත්පැන් අලෙවි සැල් වසා ඇති බැවින් ගාල්ල ,හබරාදුව අවට මත්පැන් වැඩි මිලට අලෙවි කිරීමේ අරමුණින් නිති විරෝධී මත්පැන්  පළතුරු වර්ග උපයෝගී කරගෙන     නිෂ්පාදනය කර ඇතැයිද  සැකකරුවන් සුරාබදු නිලධාරීන් ඉදිරියේ පාපොච්ජාරණය කර තිබේ.නිවාස තුනක මුළුතැන් ගෙයින් මත්පැන් නිෂ්පාදනාගාර මතුවෙයි....(PHOTO) | Srilanka Exercise

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා රුපියල් පනස්දහස බැගින්වු සුරාබදු සහතික ඇපමත මුදාහැර ඇත.සැකකරුවන් ඉදිරියේදී ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් චන්න වීරක්කොඩි මහතාගේ උපදෙස් මත ,ගාල්ල සුරාබදු අධිකාරී සුනිල් ශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් ,දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර මහතාගේ අධීක්ෂණය යටතේ ,සුරබදු පරීක්ෂක චන්න කුමාර .සැරයන් 770 විරාජ් හේමපාල,නියාමකවරුන්වන 1072 රජිත මිහිරංග,1073 රොහාන් බුද්ධික ,රියදුරු ප්‍රසාද් සමන්ත යන නිලධාරීහු මෙම වැටලීම් සිදු කළහ.