නිවාස දෙකකින් කසිප්පු නිෂ්පාදනාගාර දෙකක් අත්අඩංගුවට .....(PHOTO)

srilanka exercise capila kumarasinga
By Nimal Jun 11, 2021 10:48 AM GMT
Nimal

Nimal

Report

 ගණේමුල්ල ගලහිටියාව ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී ඉතා රහසිගතව නිවාස දෙකක මුලුතැන්ගෙය තුළ පවත්වාගෙන ගිය නීති විරෝධී කසිප්පු නිෂ්පාදනාගාර දෙකක් වටලා රුපියල් ලක්ෂ තුනක් වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් දෙදෙනකු අද පෙරවරුවේ ගම්පහ සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.නිවාස දෙකකින් කසිප්පු නිෂ්පාදනාගාර දෙකක් අත්අඩංගුවට .....(PHOTO) | Srilanka Exercise

අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු මිලි ලීටර 7500 ක් ,ගෝඩා මිලි ලීටර 20,000 ක්,වඩි බැරලය, මුට්ටි හෝ කලගෙඩි වෙනුවට වාහන වලට ගෑස් පිරවීම සඳහා යෙදාගන්නා ගෑස් ටැංකි ,දගර ඇතුළු උපකරණ තොගයක් සොයා ගත් බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.නිවාස දෙකකින් කසිප්පු නිෂ්පාදනාගාර දෙකක් අත්අඩංගුවට .....(PHOTO) | Srilanka Exercise

මහජනතාවගෙන් ලද තොරතුරකට අනුව කළ වැටලීමේදී අවුරුදු 34 ක් හා 51 ක් වයස් කාණ්ඩයේ පසුවන ගලහිටියාව ප්‍රදේශයේම පදිංචි කරුවන් දෙදෙනකු මෙම නිවාස දෙකෙහි මත්පැන් නිෂ්පාදනයට යොමුවු බවට තොරතුරු සනාථ වී තිබේ.නිවාස දෙකකින් කසිප්පු නිෂ්පාදනාගාර දෙකක් අත්අඩංගුවට .....(PHOTO) | Srilanka Exercise

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සුරාබදු ඇප මත මුදා හැර ඇති අතර ඉදිරියේදී ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩු පැවරීමට නියමිතය.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ ගුණසිරි හා සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත, බස්නාහිර පලාත් (III) සහකාර සුරාබදු කොමසාරිස් උපුල් කුමාර ,සුරාබදු අධිකාරි ලක්ෂ්මන් පෙරේරා යන මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ , ගම්පහ සුරාබදු ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ටී. ඒ. විමලරත්න මහතාගේ මෙහෙයවීමෙන් ,සුරාබදු පරික්ෂක ප්‍රියංකර නිශාන්ත, සුරාබදු කෝප්‍රල්වරුන් වන 642 කරුණානායක, 920 වික්‍රමරත්න, සුරාබදු රියදුරු රුවන්පුර යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.