මත්පැන් අලෙවි කළ ස.තො.ස ට නීතිය තදින්....

srilanka exercise capila kumarasinga
By Nimal Jun 10, 2021 06:58 AM GMT
Nimal

Nimal

Report

සංචරණ සීමා හේතුවෙන් දිවයින පුරා මත්පැන් අලෙවි කිරීම සදහා සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තිබියදී අනුරාධපුර ස.තො.ස සුපිරි වෙළද සැලේ පිහිටි බලපත්‍ර ලත් ස්ථානය විවෘත කොට මත්පැන් අලෙවි කිරිම සම්බන්ධයෙන් උතුරු පලාත භාර සහකාර සුරාබදු ‌කොමසාරිස්වරයාට හා සුරාබදු අධිකාරීවරයා සම්බන්ධයෙන් ඉහළ පෙලේ අභ්‍යන්තර පරීක්ෂණයක් සුරාබදු දෙපාර්තුමේන්තුව මගින් ආරම්භ කොට ඇත.

මීට අමතරව අදාල නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් හදිසි ස්ථානීය පරික්ෂණයක් පැවැත්වීමට සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා ඊයේ නි‌‍යෝග කොට ඇතැයිද සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.මත්පැන් අලෙවි කළ ස.තො.ස ට නීතිය තදින්.... | Srilanka Exercise

අනුරාධපුරය භාර සුරාබදු අධීිකාරීවරයාගේ නායකත්වය යටතේ සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් ඊ‌යේ ස.තො.ස අලෙවි සලට ගොස් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර පොලීසිය මගින්ද මේ පිළිබදව පරීක්ෂණ පවත්වා අදාල පාර්ශවයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ඇතැයිද කපිල කුමාරසිංහ මහතා පවසයි.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීම සදහා අද දිනයේ අතිරේක සුරාබදු කොමසාරිස් වරයකු එම ප්‍රදේශයට පිටත් කර යවා ඇති අතර හදිසියේවත් සුරාබදු නිලධාරීයකු මේ සම්බන්ධයෙන් මැදිහත්වී ඇත්නම් අදාල නිලධාරියට විරුද්ධව නීතිය තදින් ක්‍රියාමත්ක කරන ලෙස සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා නියෝග කොට ඇතැයිද කපිල කුමාරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය .

You may like this video