විදේශීය සංචාරකයින් සඳහා මත්පැන් විකිණීමට අවසර...

srilanka exercise capila kumarasinga
By Nimal Jun 08, 2021 06:12 AM GMT
Nimal

Nimal

Report

 දිවයිනේ ක්‍රියාත්මක වන ආරක්ෂිත හා සුරක්ෂිත පළමු මට්ටමේ හෝටල (Safe and Secure Level 1 Hotels) තුළ නේවාසිකව සිටින විදේශීය සංචාරකයින්ගේ පහසුව සඳහා එම සංචාරකයින් නවාතැන් ගෙන සිටින කාලසීමාව තුළ එම හෝටල සඳහා නිකුත් කර ඇති සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කිරීමට සීමිත අවසරයක් ලබා දීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෙම පියවර ගන්නා ලද්දේ සංචාරක අමාත්‍යංශය විසින් කරන ලද ඉල්ලීමකට අනුව බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.විදේශීය සංචාරකයින් සඳහා මත්පැන් විකිණීමට අවසර... | Srilanka Exercise

මෙම අවසරය මේ වන විට දිවයින පුරා පනවා ඇති සංචරණ සීමාවන් බලපවත්වන කාලසීමාවට පමණක් අදාළ වන පරිදි ලබා දී ඇත.

මෙම අවසරය එම හෝටල වලට පිවිසෙන දේශීය සංචාරකයින් හෝ අමුත්තන් සඳහා අදාළ නොවන අතර, එම අවසරය අනුව අදාළ හෝටල ක්‍රියාත්මක විය යුත්තේ සෙසු සෞඛ්‍යාරක්ෂක උපදෙස් වලට අනුකූලව පමණක් බවට ද උපදෙස් ලබාදී තිබේ. මෙම අවසරය අනුව සිය බල ප්‍රදේශය තුළ පිහිටි සංචාරක හෝටල් සම්බන්ධයෙන් අධීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා ඒ ඒ පළාත් භාර සහකාර සුරාබදු කොමසාරිස්වරුන්හට දැනටමත් උපදෙස් ලබා දී ඇතැයිද කපිල කුමාරසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.

මෙම ආරක්ෂිත හා සුරක්ෂිත පළමු මට්ටමේ හෝටල (Safe and Secure Level 1 Hotels) පිළිබඳ නාම ලේඛනය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නිල වෙබ් අඩවිය ( sltda.gov.lk ) මගින් ප්‍රසිද්ධ කොට ඇති අතර, ඒ අනුව දිවයින පුරා විසිර පවතින සංචාරක හෝටල 82 ක් පමණක් එම නාම ලේඛනයට ඇතුළත්ව ඇත.      

You may like this video