මැතිවරණයක් අත ළග.. ? ගැසට් පත්‍රය ලබන සතියේ..

Election Commission of Sri Lanka New Gazette Election
By Sithumi Dec 29, 2022 04:33 PM GMT
Sithumi

Sithumi

Report

 පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැඳවීමට අදාළ ගැසට් නිවේදනය ලබන සතියේ නිකුත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.   

මේ අතර මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණු අතර එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පැවසුවේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බවයි. 

  පොලිස්පතිවරයා, තැපැල්පතිවරයා, රජයේ මුද්‍රාණාලාධිපති සහ ආපදා කළමණාකරණ අමාත්‍යංශයේ ඉහළ නිළධාරියෙකුද එම සාකච්ඡාවට කැඳවා තිබුණා.  

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පැවසුවේ එහිදී පළාත් පාලන මැතිවරණයට අදාළ කරුණු සම්බන්ධයෙන් ඔවුන් සමඟ සාකච්ඡා කළ බවයි.