මත්ද්‍රවය හානිය ගැන සමාජමය ගැටලුවක්.. විශේෂ ප්‍රකාශයක්.

By Sithumi Dec 26, 2022 04:35 PM GMT
Sithumi

Sithumi

Report

මත්ද්‍රව්‍ය භාවිතයෙන් වසරකට පුද්ගලයින් 40,000කට ආසන්න සංඛ්‍යාවක් මියයන බව අන්තරායකර ‍ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා. අහිමි වන ගැණුම්කරුවන් වෙනුවට නව ගැණුම්කරුවන් සොයාගැනීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය වෙළඳාමේ නිරතවන්නන් අසත්‍ය තොරතුරු සමාජගත කරන බවයි එම මණ්ඩලය පෙන්වාදෙන්නේ.  

ම අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ පිළිබදව පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අන්තරායකර ‍ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ශාක්‍ය නානායක්කාර මහතා පැවසුවේ මත්පෙති සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන හානිය සම්බන්යෙන් නිවැරදි අවබෝධය සමාජගත කිරීමට අවශ්‍ය බවයි.  එහිදී අන්තරායකර ‍ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ශාක්‍ය නානායක්කාර මහතා ප්‍රකාශ කලේ ,

  "ළමුන් ඉලක්කකර ගැනීම මේ ලෝකේ අලුත් දෙයක් නෙවෙයි. අපි දන්නවා ලංකාවේ දුම්වැටි මද්‍යසාර ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතයෙන් වසරකට 40,000ක් පමන මිය යනවා. දැන් මේ හොඳම පාරිභෝගිකයෝ මැරෙනකොට ඔවුන් මේ ව්‍යාපාරය ඉදිරියට ගෙනින්න මොකක්ද කරන්න ඕනේ ?  

හැම අවුරුද්දෙම අඩුම ගානේ 40,000 ගානේ අලුතින් බඳවාගන්න ඕනේ. මේ බඳවාගැනීම අද ඊයේ නෙමේ මීට අතීතයේ සිට සිදුවෙච්ච ක්‍රියාවලියක්. මධ්‍යසාර ගත්තත් දුම්වැටි ගත්තත් ගංජා ගැහුවාම සතුටුයි, සැපයි, ආතල් කියලා තමයි හිතාගෙන ඉන්නේ. මේක හෙන දුකක්. අමා සැප නෙමේ අපා දුක. ප්‍රශ්න නැති වෙනවා නෙවෙයි තියෙන ප්‍රශ්න වැඩි වෙනවා. ඇඟේ පතේ මහන්සිය නැති වුණා නෙවෙයි තියෙන මහන්සිය වැඩි වුණා.  

සීතල නැති වුණා නෙවෙයි සීතල වැඩිවුණා. මේ විදියට ඒ දැනුම ජනගත කරන්න ඕනේ. මත් පෙති භාවිතය වැනි දේවල් ගැන වැරදි අවබෝධ තියෙනකොට සමහර වෙලාවට මේ පාඩම් කරන්න හොඳයි වගේ දේවල්. හැබැයි දැන් මම ඒ ගැන හොයලා බලනකොට මට පේනවා ළමයි කියනවා දැන් අපෝ පාඩම් කරන්න මේ එකක්වත් හොඳ නෑනේ. අපිට පාඩම් කර ගන්න බැරුව යනවානේ කියලා. ඒ පණිවිඩය ඒගොල්ලෝ අතර දැන් ව්‍යාප්ත වෙලා තියෙනවා."