ඉන්දීය ශ්‍රී ලංකා ගැටුම අහිමි වූ සුපිරි ක්‍රීඩකයා
By Sithumi
ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ශර්මා සහ කේ.එල්. රාහුල් ලබන ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගාවලිය සදහා සහභාගී නොවනු ඇති බවට වාර්තා වනවා.
බංග්ලාදේශයට එරෙහිව පසුගියදා පැවති දෙවන එක්දින තරගයේදී ආබාධයකට ලක්වූ රෝහිත් ශර්මා මෙතෙක් සුවය නොලැබීම හේතුවෙන් ඔහු ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගාවලිය සදහා සහභාගී නොවනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම අදාළ තරගාවලිය පැවැත්වෙන කාලය අතරතුර කේ.එල්. රාහුල්ගේ විවාහ උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇති බැවින් ඔහුද තරගාවලිය සදහා සහභාගී නොවනු ඇති බව වාර්තාවනවා.
විස්සයි විස්ස තරග 3 කින් සහ එක්දින තරග 3 කින් සමන්විත ශ්‍රි ලංකාව සමඟ තරගාවලිය ලබන ජනවාරි මස 3 වනදා සිට 15 වනදා දක්වා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා