ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලින්ට සුභ ආරංචියක්..
By Sithumi
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පන්දුවාර 20/20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියක් ජනවාරි 3 වෙනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඉන්දියාවේ දී මෙම තරගාවලිය පැවැත්වෙන අතර, ඊට පන්දුවාර 20/20 තරග තුනක් සහ එක්දින තරග තුනක් ඇතුළත් වන අතර තරගාවලිය සඳහා නායක රෝහිත් ශර්මා සහහභාගී නොවනු ඇති බවයි වාර්ථා වන්නේ.
ආබාධයක් හේතුවෙන් ඔහු පසුගිය බංග්ලාදේශ සංචාරයට ද සහභාගී වුයේ නැහැ එමෙන්ම ඉන්දීය කණ්ඩායමේ කේ.එල්. රාහුල් ද සංචිතයෙන් ඉවත් කරනු ඇති බව ද වාර්තා පළ වනවා.
ආසියානු කුසලාන තරගාවලිය ඇතුළු තරග 16කදී අර්ධ ශතක 6ක් පමණක් ලබා තිබීම මත එම තීරණය ගැනීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.