සිසුන්ට විදුලි සැර වැද්දිය හැකිද..? පොලීසියට අදිකරණයෙන් දුන් නියෝගය..
පාසල් සිසුන්ට විදුලිසැර වැද්දූ සිද්ධියේ පොලිස් ජීප් රථය පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි රසපරීක්ෂක වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
පාසල් ගුරුවරියකගේ මුදල් පසුම්බියක් පන්ති කාමරය තුළදී අතුරුදන්වීමක් මුල් කරගෙන මිල්ලනිය ප්‍රදේශයේ පිහිටි පාසලක 5 වසරේ සිසුවෙකුට විදුලිසැර වැද්දවීම සිදුකර ඇති බවට එලෙස මිල්ලනිය පොලීසියට චෝදනා එල්ලවී තිබෙනවා රස පරීක්ෂණ වාර්තාවක් මගින් පෙන්වා දී තිබෙන්නේ ඒ සඳහා උපයෝගී කරගත් මිල්ලනිය පොලීසියේ ජීප් රථයේ පණිවුඩ හුවමාරු යන්ත්‍රය පරීක්ෂා කිරීමේදී එහි වයර් එකිනෙක ස්පර්ශ කර, පුද්ගලයෙකුට විදුලිසැර වැද්දීමක් හෝ පිළිස්සීමක් සිදුකළ නොහැකි බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවයි.
එම වයර් දෙක එකිනෙක ස්පර්ශ කිරීමෙන් තාපයක් උත්පාදනය කරගත හැකි වුවද ක්ෂණිකව එහි විදුලි ධාරාව විසන්ධි වන බවත් එහිදී තාපය උත්පාදනයවීම ඇණහිටින බවත් නියෝජ්‍ය රසපරීක්ෂක ජී. ජී. මඩවල මහතා පෙන්වාදී තිබෙනවා.
එසේ වුවද එම ජීප් රථයේ සවිකර ඇති බැටරියට බාහිරින් සම්බන්ධ කරගත් විදුලි රැහැන් දෙකක හෝ රථය තුළ තිබූ වැඩි විදුලි ධාරාවක් ලබාගත හැකි වෙනත් ආරෝපිත බැටරියක අග්‍රවලට සම්බන්ධ කරගත් විදුලි රැහැන් දෙකක අග්‍ර එකිනෙකට ස්පර්ශවීමට සැලැස්වීමෙන් තාපය උත්පාදනය කරගත හැකිවන අතර ඒවා යම් පුද්ගලයෙකුගේ ශරීරය මත ස්පර්ශවීමට සැලැස්වීමෙන් පිළිස්සුම් තුවාල කළ හැකි බවද එම විමර්ශන වාර්තාවේ දැක්වෙනවා.
මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඉකුත් නොවැම්බර් 10 වනදා කරන ලද නියෝගය අනුව රජයේ ජ්‍යෙෂ්ඨ සහකාර රසපරීක්ෂකවරුන් අදාළ ජීප් රථය නොවැම්බර් 17 වනදා පරීක්ෂා කර තිබුණු අතර
එම පණිවුඩ හුවමාරු යන්ත්‍රයට ජීප් රථයේ එංජින් කුටිය තුළ තිබූ වෝල්ට් 12 බැටරියකින් කළු පැහැති විදුලි රැහැනක් සහ ඇම්පියර් 10ක විලායකයකින් සම්බන්ධකරන ලද රතු පැහැති විදුලි රැහැනක් භාවිතයෙන් විදුලිය ලබාගෙන තිබූ බවද එම විදුලි රැහැන් දෙක පණිවුඩ හුවමාරු යන්ත්‍රයට සම්බන්ධකර තිබූ බවත් එම කොටස් කළු පැහැති ටේප් පටයකින් ආවරණය කර තිබූ බවත් දක්නට ලැබුණු බවද රසපරීක්ෂණ වාර්තාවකින් පෙන්වා දී තිබුණා.