අධිකරණ ලේකනාගාරයට ගිනි තැබූ පුද්ගලයාට සිදුවූ දේ..

Sri Lanka Police Sri Lanka Supreme Court of Sri Lanka
By Sithumi Dec 29, 2022 06:06 PM GMT
Sithumi

Sithumi

Report

මහෙස්ත්‍රාත් අධිකරණයක ලේඛනාගාරයට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

පසුගිය 21 වනදා අක්කරපත්තුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරය ගින්නකින් විනාශවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බවයි අක්කරපත්තුව පොලීසිය සඳහන් කළේ.

  එම අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 09යි මිලිග්‍රෑම් 200ක්, මන්නා පිහියක් සහ අපරාධය සිදුකරන අවස්ථාවේදී සැකකරුවන් හැඳ සිටි ඇඳුම් සොයාගෙන තිබෙනවා. සැකකරුවන් වයස අවුරුදු 17,19 සහ 24 යන වයස්වල පසුවන අක්කරපත්තුව සහ කෝලාවිල් ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.  

ජනවාරි 04 වනදා දක්වා රැඳවුම් නියෝග ලබාගෙන සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බවද පොලීසිය පැවසුවා.