මහ බැංකු අධිපතිගෙන් හදිසියේම විශේෂ ප්‍රකාශයක්..

Sri Lanka
By Sithumi Jul 11, 2022 04:51 PM GMT
Sithumi

Sithumi

Report

රී ලංකාවේ දිගු කාලීන දේශපාලන අස්ථාවරත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ආධාර සාකච්ඡාවල ප්‍රගතිය ප්‍රමාද කළ හැකි බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා රොයිටර් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදි ප්‍රකාශ කර ඇත. පසුගිය අප්‍රේල් මස සිට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම සඳහා පැවැත්වෙන සාකච්ඡාවලට සහභාගී වන අතර ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වයක් නොමැති වුවහොත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ධුරයෙන් ඉවත් වන බව ඔහු ප්‍රකාශ කළේය.

ප්‍රධාන වශයෙන්ම අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාවල ප්‍රගතියක් ලබා ගැනීමටත් ඉන්ධන, ගෑස් සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයට විසඳුම් සෙවීමටත් ඉතා ඉක්මණින් ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති විය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. තමා පත් කළ වසර හයක ධුර කාලය සම්පූර්ණ වන තුරු මහ බැංකු අධිපති ධුරයේ තමන් කටයුතු කරන බව රොයිටර් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදී ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

එසේම ඉන්දියානු මහ බැංකුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 1 ක විදේශ මුදල් හුවමාරු පහසුකමක් ලබා ගැනීම සඳහා ඉන්දියාව සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.

ඉන්ධන මිලදී ගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් ලබා ගැනීමටද ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න 
Join now