අද සිදුවූ භයානක බස් අනතුරේ සම්පූර්ණ විස්තරය මෙන්න.
බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස්රථයක් අද (15) පෙරවරු 10.15ට පමණ දෙමෝදර ජල සම්පාදන ආයතනය අසලදී මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් නිවසක් අසලට පෙරළී තිබුණා.
බස් රථයේ සිරවී සිටි ඇතැමුන් පිටතට පැමිණි අතර තවත් පිරිසක් ඉන් පිටතට ගනු ලැබුවේ, ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන්.
එහිදී අදහස් දැක්වූ බස් රථයේ රිය සහායකවරයා, "මම බස් එකේ ටිකට් කඩ කඩා හිටියේ. එතකොට තමයි එකපාරට පෙරළුණේ. පෙරළුණාට පස්සෙ තමයි මමත් දන්නේ. මමත් ඇතුළේ ඉදලා එළියට ආවේ."
අනතුරට මුුහුණ පෑ මඟියෙක්, බස් එක හයියෙන් තමයි ආවේ. මම කොළඹ යන්න හිටියේ. සිංදු අහගෙන ආවේ ෆෝන් එකේ.. ටකස් ගාලා බ්‍රේක් එක ගැහුවා. බ්‍රේක් එක වදින්නෙ නැහැ. බස් එක පෙරළුණා.. මම කැරකිලා ආවා. මගේ ඉස්සරහා ආච්චි කෙනෙක් වාඩිවෙලා ආවේ.
ආච්චිත් මගේ පැත්තට පෙරළිලා ආවට පස්සේ. ආච්චියි මමයි එළියට ආවා." බස් රථයේ ගමන් කළ පුද්ගලයින් 25 දෙනෙකු අනතුරින් තුවාල ලබා තිබුණා. බස් රථයෙන් මුදාගත් තුවාලකරුවන් පිරිස ගිලන් රථ මගින් බදුල්ල මහ රෝහල වෙත රැගෙන එනු ලැබීය.
මාර්ගයෙන් පහළට වැටුණු බස් රථය මහත් පරිශ්‍රමයක් දරමින් ගොඩගෙන තිබුණු අතර අධික වේගයෙන් ධාවනය කර ඇති බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව අනතුරට පත්වන්නට ඇති බවයි පොලීසිය සැක පළ කරන්නේ රියදුරන්ගේ අපරීක්ෂාකාරීත්වය හේතුවෙන් පසුගියදා කොටලීය පාලම අසලදී සිදුවූ මාරක රිය අනතුරින් පුද්ගලයින් දස දෙනකුට ද දිවි අහිමිවුණා