විදේශ ලේබල් ගසා හොර ගෑස් ලිප විකුණුම් ජාලයක්

Report

කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගබඩාවක ව්‍යාජ ලෙස විදේශීය නිෂ්පාදන ලෙස ලේබල් කර, දේශීයව එකලස් කළ ප්‍රමිතියෙන් තොර ගෑස් උදුන් තොගයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබියදී, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා ඇත.

මෙම වැටලීමේදී ගෑස් උදුන් 3,000ක පමණ තොගයක් අධිකාරියේ නිලධාරීන් විසින් භාරයට ගෙන තිබේ. පාරිභෝගික අධිකාරියට ලැබුණු තොරතුරක් ඇතුළත් තොරතුරකට අනුව සිදු කළ මෙම වැටලීමේදී අනාවරණය වූයේ, අදාළ ව්‍යාපාරිකයා විසින් ගෑස් උදුන්වල කොටස් ආනයනය කර, දේශීයව සපයාගත් තවත් කොටස් යොදාගනිමින් ඒවා එකලස් කර ඇති බවයි.

මන්ත්‍රීවරයෙකුගේ ලියුමට තිබ්බ වටිනාකම මේ ආණ්ඩුව නැති කළා - නාමල්ට මල පැනලා

මන්ත්‍රීවරයෙකුගේ ලියුමට තිබ්බ වටිනාකම මේ ආණ්ඩුව නැති කළා - නාමල්ට මල පැනලා

ඉන්පසු, පාරිභෝගිකයින් නොමඟ යවමින් මෙම උදුන් විදේශීය නිෂ්පාදන ලෙස පෙන්වීමට ඇසුරුම් සහ ලේඛන දේශීයව මුද්‍රණය කර තිබේ. එම ව්‍යාපාරිකයාට තම ව්‍යාපාරයේ නීත්‍යානුකූලභාවය ඔප්පු කිරීමට ලියවිලි ඉදිරිපත් කිරීමට ද වැටලීමේදී නොහැකි වී ඇත. ශ්‍රී ලංකාවට ගෑස් උදුන් ආනයනය කිරීමේදී, ඒවායේ ආරක්ෂාව සහ ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLS) මගින් ක්‍රියාත්මක කරන අනිවාර්ය ආනයන පරීක්ෂණ ක්‍රමවේදයකට යටත් විය යුතුය.

ඔබේ ලග්නයට අද දවසේ වෙන්න යනදේ ඔබටවත් හිතාගන්න බැරිවෙයි

ඔබේ ලග්නයට අද දවසේ වෙන්න යනදේ ඔබටවත් හිතාගන්න බැරිවෙයි

නමුත් මෙම ව්‍යාපාරිකයා එම නීතිමය ක්‍රියාවලිය මුළුමනින්ම මඟහැර, ප්‍රමිති තහවුරු නොකළ ගෑස් උදුන් වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර ඇති බව මූලික විමර්ශනවලින් හෙළි වී ඇත. වැටලීමෙන් පසු, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. අධිකරණ නියෝග මත එම ගබඩාව මුද්‍රා තබා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.

රත්තරන් ගන්න ඉන්න අයට - අද රන් මිල වෙනස් වුණු හැටි දැනගන්න

රත්තරන් ගන්න ඉන්න අයට - අද රන් මිල වෙනස් වුණු හැටි දැනගන්න

මෙච්චර ඉක්මනට ශිෂ්‍යත්ව ප්‍රතිඵල?ප්‍රතිඵල එන දිනය මෙන්න

මෙච්චර ඉක්මනට ශිෂ්‍යත්ව ප්‍රතිඵල?ප්‍රතිඵල එන දිනය මෙන්න