ව්‍යවසනකාරී පිපිරීමකට අතවනන ආණ්ඩුවේ තීරණයක් ගැන නීතිඥ සංගමයෙන් අනතුරු ඇඟවීමක්..

By Sithumi Sep 24, 2022 05:47 PM GMT
Sithumi

Sithumi

Report

කොළඹ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්‍ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් කනස්සල්ල ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ . 

 එහි දැක්වෙන ආකාරයට   අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සාමකාමී නිදහස උල්ලංඝනය කරමින් එවැනි නියෝග කඩ කරන පුද්ගලයින් රඳවා තබා ගැනීම සඳහා විධිවිධාන පැනවීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි කනස්සල්ලට පත්වන බවයි.

එසේම නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ විධිවිධාන හොඳින් අධ්‍යයනය කර ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහතික කිරීම සඳහා සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගන්න බවද එම සංගමය පවසනවා.

අමරතුංග එදිරිව සිරිමල් ඇතුළු පිරිස (1993) 1 SLR 264 යන ‘ජනඝෝෂ’ නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ට දිගින් දිගටම මතක් කර දෙන බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එසේම අද නීත්‍යානුකූල සාමකාමී ප්‍රකාශනය මැඩලීමේ ප්‍රතිඵලය, නොවැළැක්විය හැකි ලෙස වෙනත් දවසක ප්‍රචණ්ඩත්වයේ ව්‍යසනකාරී පිපිරීමක් ලෙස පැමිණීමට ඉඩ ඇති බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය අනතුරු ඇඟවීමක් පරිද්දෙන් ප්‍රකාශ කර තිබෙනවා