කෙසෙල් ගෙඩියක් සිරවීමෙන් දරුවකුට අත් වූ අවාසනාවන්ත ඉරණම.

Hospitals in Sri Lanka Death
By Sithumi Jul 15, 2023 12:25 PM GMT
Sithumi

Sithumi

Report

කෙසෙල් ගෙඩියක් උගුරේ සිර වීමෙන් 8 හැවිරිදි පාසල් දැරියක් මිය ගොස් තිබෙන බව වාර්තා වී තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ දොම්පේ – කෑරගල – පුටුපාගල ප්‍රදේශයේ පදිංචි දෙකටන ප්‍රාථමික විද්‍යාලයේ 3 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක් වන අතර පසුගිය 9 වනදා දහම් පාසලේ විවේක වේලාවේ කෙසෙල් ගෙඩියක් අහාරයට ගන්නා අවස්ථාවේ මෙලෙස ඇයගේ උගුරේ සිරවී තිබෙනවා

පසුව දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය විසින් ඇයව දොම්පේ මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී කෘත්‍රීමව ස්වසනය ලබා දී පසුව වැඩි දුර ප්‍රතිකාර සදහා ඇයව ගම්පහ මහ රෝහලට මාරු කර යවා තිබුණා.

දින 5ක් එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ මෙම දැරිය පසුව මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි සදහන් වන්නෙ.