දක්ෂ ක්‍රීඩිකාවකට දුප්පත් කම නිසා අත්වුණු ඉරණම..

By Sithumi Jul 14, 2023 04:43 PM GMT
Sithumi

Sithumi

Report

 ජාතික වාර්තාවකට හිමිකම් කියන ක්‍රීඩිකාවක් මැදපෙරදිග රාජ්‍යයකට ගොස් ගෘහ සේවයේ යෙදීමට සිදුවන්නේ නම් එය ඉතාමත්ම ඛේදනීය තත්ත්වයක් වන අතර අප රටේ ක්‍රීඩිකාවක් වන සචිනි කෞෂල්‍යා පෙරේරා කියන්නේ ඒවගෙ කෙනෙක්.

ඇය කාන්තා රිටි පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාව හිමි ක්‍රීඩිකාවක් වන අතරඑම ඉසව්වේ ජාතික වාර්තාව අවස්ථා 9කද අලුත්කර ඇති ඇයගේ නම ඉදිරියේ යුද හමුදා වාර්තාව සහ ආරක්ෂක සේවා වාර්තාව ද ලියැවී තිබෙනවා.

පාදුක්ක ප්‍රදේශයේ පදිංචි ඇය කුඩා කළ සිටම ක්‍රීඩාව සඳහා සිය ජීවිතයම කැපකරමින් 2018 සිට 2022 දක්වා අඛණ්ඩව රිටි පැනීමේ ජාතික ශූරිය බවට පත්වූ අතටඒ, දීප්තිමත් අනාගතයකට හිමිකම් කියන ක්‍රීඩිකාවක් බවට පෙරමං සලකුණු පෙන්වමින්. නමුත් මේ සුවිශේෂී දක්ෂතා පෙන්වූ ඇය මේ වන විට සිය මව්බිම හැරගිහින් වසරකට ආසන්න කාලයක් ගතව තිබෙන අතර තමාට දිගින් දිගටම එල්ල වූ ආර්ථික පීඩණය කෙළවර වන්නේ,

සචිනි ඩුබායි රාජ්‍යයේ නිවසක ගෘහ සේවිකාවක් බවට පත්කරමින්.

සචිනි දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක බාල දියණියක් වන අතර අංශභාග රෝගයට ගොදුරුව සිටින සචිනිගේ මව මේ වනවිට එක්තැන්ව සිටිනවා තමාට මුහුණදීමට සිදුවූ මේ දේ තවත් ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට සිදුනොවිය යුතු බවත් එය ක්‍රීඩා බලධාරින්ගේ වගකීමක් බවත් සචිනි පෙන්වා දෙන අතර ජාතික මට්ටමේ ක්‍රීඩිකාවක් ගෘහ සේවයේ නියැලීමෙන් පෙන්නුම් කරන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැකගැනීම සඳහා ක්‍රීඩා බලධාරීන්ට සැලසුමක් නැති බව නොවේ ද?

ක්‍රීඩා ඇමතිතුමනි ක්‍රීඩා බලධරයිනි සචිනිලා වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවක් ආරක්ෂා කරගැනීමට තවමත් ප්‍රමාද නැති බව අපගේ විශ්වාසයයි.