මේ සමාගමේ ඔබත් තැම්පත් කළාද..මෙන්න වෙන දේ..
රුපියල් කෝටි 79ක මුදලක් තැන්පත් කර තිබූ ONMAX DT පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩයේ සාමාජිකයන් හය දෙනෙකුගේ බැංකු ගිණුම් අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා
. විමර්ශන නිලධාරීන් පවසන්නේ අදාළ සමාගමට අයත් බැංකු ගිණුම් 95ක්ද මේවන විට අත්හිටුවා ඇති බවයි.
මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ONMAX DT පුද්ගලික සමාගම පිළිබඳ විමර්ශන ආරම්භ කළේ ශ්‍රී ලංකා මහබැංකු මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂකවරයා විසින් එම කොට්ඨාසයට සිදුකළ පැමිණිල්ලකට අනුවයි.
ONMAX DT පුද්ගලික සමාගම පැහැදිලිවම පිරමීඩ ජාවාරම සිදුකර ඇති බවට තහවුරු වී ඇති බව මහබැංකු නිලධාරීන් පැමිණිල්ල මගින් පෙන්වාදී තිබුණා. ඒ අනුව, සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (12) කරුණු වාර්තා කර තිබෙනවා.
ONMAX DT පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩයේ සාමාජිකයන් වන සම්පත් සඳරුවන්, අතුල ඉන්දික සම්පත්, ගයාෂාන් අබේරත්න, මධුරංග ප්‍රසන්න, සාරංග රන්දික හා ධනංජය ගයාන් යන අයගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි 79ක මුදලක් තැන්පත්ව ඇති බවයි එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියාසිටියේ.
ඒ අනුව අදාළ රුපියල් කෝටි 79ක ඇතුළත් බැංකු ගිණුම් අත්හිටුවීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
මොවුන් විසින් වංචා කර ඇති මුදල කොතෙක් ද යන්න මෙතෙක් සඳහන් කළ නොහැකි බවත්, අවම වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් හයදෙනාගේ බැංකු ගිණුම්වල තිබූ රුපියල් කෝටි 79 මෙන් විසි ගුණයක් පමණ ඔවුන් උපයාගෙන ඇති බවට සැක කරන බවත් විමර්ශන නිලධාරීන් පවසා ඇති අතර අදාළ සමාගමේ ආයෝජන ලෝකයේ විවිධ රටවල ඇති බවට සමාගම සඳහන් කළ ද මෙතෙක් ඒ පිළිබඳව කිසිඳු සාක්ෂියකින් තහවුරු කිරීමට ඔවුන්ට හැකි වී නැති බවද විමර්ශකයින් පෙන්වා දෙනවා.
මේ අතර මෙම පිරමීඩ ජාවාරමට හසු වූ පුද්ගලයන් මෙතෙක් ඒ පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කර නොමැති අතර, විමර්ශන නිලධාරීන් ඉල්ලා සිටින්නේ මෙම වංචාවට හසු වූයේනම් වහාම ළඟම ඇති පොලීසියට ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසයි.