අද ශ්‍රී ලංකා තරගයේ තත්වය

By Sithumi Jul 13, 2023 01:58 PM GMT
Sithumi

Sithumi

Report

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඕමාන ඒ කණ්ඩායමට එරෙහිව ලකුණු 72ක ජයක ලබාගැනීමට ඇෆ්ගනිස්තාන ඒ කණ්ඩායම සමත්වුණා.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන ඒ කණ්ඩායම ලකුණු පන්දුවාර 49කදී කඩුලු 8ක් දැවී ලකුණු 267ක් රැස්කරගැනීමට සමත්වූ අතර එහිදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් අගනා පිතිහරඹයක නියැලුණු Akbari ලකුණු 79ක් රැස්කරගත්තා.

පන්දුයැවීමේදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් Kaleemullah සහ Iiyas කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමාන ඒ කණ්ඩායමට පන්දුවාර 40යි පන්දු 3කදී රැස්කරගත හැකිවූයේ ලකුණු 195ක් පමණයු. අගනා පන්දු යැවීමක නිරත වූ Ibrahim සහ Akbar කඩුලු 2 බැගින් දවාගත්තා.