මෙරටට පැමිණි විශේෂ අමුත්තා..
By Sithumi
ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මහතා දිවයිනට පැමිණ තිබෙනවා.
ඉන්දීය ගුවන් හමුදාවට අයත් IFC - 33 දරණ යානයෙන් අද රාත්‍රී 8.55ට පමණ ඒ මහතා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවයි වාර්තා වන්නේ.
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි විනේ මොහාන් ක්වාත්‍රා මහතා ඇතුළු සිව්දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් පිළිගනු ලැබුවා.