විදුලි බල මණ්ඩලයේ ආදායම ගැන නවතම හෙළිදරව්වක්..
නොවැම්බර් මාසයේ දී ලංකා විදුලිබල මණ්ඩලයේ ආදායම රුපියල් බිලියන 35.6ක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළා.
ඒ අනුව ඔක්තෝබර් මාසයේ විදුලිබල මණ්ඩලයේ ආදායම රුපියල් බිලියන 33.6ක් වූ බව ඔහු පැවසුවා.
වත්මන් ගාස්තු ක්‍රමවේදයට අනුව එම ආදායම් වාර්තාකර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ. කෙසේවෙතත් ජනවාරි මාසයේ දී විදුලි බලාගාර පවත්වාගෙන යාමට අවශ්‍ය නැප්තා හා ඩීසල් සඳහා රුපියල් බිලියන 35ක මුදලක් සහ ගල්අඟුරු සඳහා ගෙවීම් සිදුකිරීම වෙනුවෙන් රුපියල් බිලියන 38.45ක මුදලක් අවශ්‍ය වන බව අමාත්‍යවරයා පවසනවා.
විදුලිබල ක්ෂේත්‍රයේ පවතින අර්බුදකාරී වාතාවරණය පිළිබඳව ඊයේ (28) පැවති සාකච්ඡාවට ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය, විදුලි අධිකාරීවරුන්ගේ සංගමය, සේවක පවුර, තාක්ෂණික සංගම් ඇතුළු විදුලිබල මණ්ඩලයේ විවිධ වෘත්තීය සමිති සහභාගී වූ බව කංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කළා
යෝජිත විදුලි ගාස්තු සංශෝධනය, ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය, වියදම් පාලනයකර ගැනීම සහ විදුලිබල මණ්ඩලයේ සේවාවන් පිළිබඳව එහිදී සාකච්ඡා වූ බව අමාත්‍යවරයා සඳහන් කළා.