සාමාන්‍ය පෙළ විභාග සිසුන්ට දැනුම් දීමක්...

By Sithumi Sep 05, 2022 02:09 PM GMT
Sithumi

Sithumi

Report

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2021 විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදාල ප්‍රායෝගික පරීක්ෂණ මෙම මස 20 වැනි දා ආරම්භ කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පවසයි.   

එම ප්‍රායෝගික පරික්ෂණ මෙම මස 15 වැනි දින ආරම්භ කිරීමට නියමිතව තිබුණද නොවැළැක්විය හැකි හේතුවක් නිසා එය කල්දැමීමට සිදු වූ බව ද ධර්මසේන මහතා කියයි.

එම විභාගයේ ඇගයීම් කටයුතු මේ වන විට අවසන් අදියරේ තිබෙන බව ද විභාග කොමසාරිස්වරයා කියයි. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට තවත් මාස දෙකක් පමණ කාලයක් ගත වුනු ඇතැයි ද ධර්මසේන මහතා කීවේය.