ත්‍රස්තයින්ට හසුවූ ශ්‍රී ලාංකිකයෝ ගැන කරුණු රැසක් අනාවරණය වෙයි

Report

පසුගියදා සංචාරක වීසා මත තායිලන්තයට ගොස් එහි දේශසීමාව හරහා මියන්මාරයට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයින් 25කට වැඩි පිරිසක් එරට ත්‍රස්තවාදී සංවිධානයක් විසින් සිය ග්‍රහණයට ගෙන ඇතැයි වාර්තා වුණා.

අනාවරණ වී තිබෙන්නේ, ඔවුන් මේ වනවිටත් මියන්මාරයේ සයිබර් අපරාධ කලාපය වන මියාවාඩි හි ත්‍රස්ත කඳවුරක බලහත්කාරයෙන් රඳවාගෙන සයිබර් වහලුන් ලෙස සේවය ලබාගන්නා බවයි.

ඊයේ මේ සම්බන්ධයෙන් මෙරට රාජ්‍ය බුද්ධි ප්‍රධානියාගේ මූලිකත්වයෙන් විශේෂ සාකච්ඡාවක් සිදුකර තිබේ. එම සාකච්ඡාව සදහා, මෙරට මියන්මාර තානාපති කාර්යාලයේ නියෝජිතයෙකු සහ අත්අඩංගුවේ පසුවන පුද්ගලයින් පස් දෙනෙකුගේ මව්පියන්ද එක්ව සිට ඇත.

ත්‍රස්තයින්ට හසුවූ ශ්‍රී ලාංකිකයෝ ගැන කරුණු රැසක් අනාවරණය වෙයි | Sri Lankans Caught By Terrorists In Myanmar

අත්අඩංගුවට පත් පිරිස මියන්මාරය වෙත ගොස් ඇත්තේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා සඳහා බවයි, මෙහිදී ඥාතීන් අනාවරණ කළේ. ඥාතීන් පවසන්නේ, මාර්ගගත ක්‍රමවේද සහ සමාජ මාධ්‍ය ඔස්සේ ලැබුණු තොරතුරු මත හඳුනාගත් ඩුබායි හි සිටින ශ්‍රි ලාංකිකයෙකු විසින්  ඔවුන් මියන්මාරයේ රැකියා සඳහා යොමුකළ බවයි.

අදාළ ශ්‍රි ලාංකිකයා මියන්මාර ත්‍රස්ත සංවිධානය සමඟ සෘජුව සම්බන්ධවී මෙලෙස පුද්ගලයන් එම සංවිධානය වෙත යොමුකරන බවයි, මේ වනවිටත් තහවුරුවී ඇත්තේ .

සිද්ධිය පිළිබඳව මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය එහි අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ මෙහෙයවීම මත විමර්ශන ආරම්භකර තිබේ.